IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යුද හමුදා ටිපර් අනතුරකින් සෙබළු තිදෙදෙනකුට තුවාල

 

(කාංචන කුමාර ආරියදාස)

 

දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල බොබැල්ල ප්‍රදේශයේදී අද (14) උදෑසන යුද හමුදා ටිපර් රථයක් ගසක හැපීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ  පල්ලේකැලේ ප්‍රදේශයේ සිට වවුනියාව ප්‍රදේශයේ දක්වා ධාවනය වෙමින් තිබූ යුද හමුදාව ටිපර් රථයක රියදුරු සහ එහි ගමන් ගත් තවත් සෙබළුන් දෙදෙනකු බව නාඋල පොලිසිය පවසයි.

වර්ෂාවත් සමඟ ටිපර් රථය මාතලේ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් ඇති බවත්  වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක හැපී තවත් මීටර් 30 ක් පමණ මෙම රථය ඇදීගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරට හේතුව අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හෝ රියදුරට නින්ද යෑම විය හැකි බව පොලිසිය විශ්වාසය පළ කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

යුද හමුදා ටිපර් අනතුරකින් සෙබළු තිදෙදෙනකුට තුවාල

කුමාර Wednesday, 14 October 2020 05:34 AM

යුද හමුදා රියදුරන් වැඩි ද‌ෙන‌ෙක් රිය පදවන්න‌ේ මාර්ග නීති ගැන කිසිම සැලකීමක් නැතිව ඉතා අවිචාරවත් ල‌ෙස. මෙවැනි අනතුරු වීම පුදුමයක් න‌ොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 405 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 565 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site