IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් ආගරපතන නගරයට ආසන්න ස්ථානයක ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීම හේතුව නිසා ඔවුන් ශරීරි ඇප මත මුදාහැර ඇත.

අද (04) වෑන් රථයකින් පැමිණ දික්ඔය හා බගවන්තලාවේ පදිංචිකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකට සහාය පලකරමින් විශාල ප්‍රමාණයේ පෝස්ටර් අලවමින් සිටියදී ආගරපතන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී වෑන් රථය තුළ පෝස්ටර් 19240 ක් පමණ තිබුණු බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා ද පෝස්ටර් හා වැන් රථය අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝද ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීම නිසා ඔවුන් දෙදෙනා ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

 

 



අදහස් (0)

මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 405 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 565 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site