(මහේෂ් කීර්තිරත්න)
මාතලේ හරහා ගලා බසින සුදු ගඟේ ඉවුරු ඛාදනය වන පරිදි වැලි කැණීම් සහ මැණික් ගැරීම් සදහා ලබා දී ඇති බලපත්‍ර තාවකාලිකව තහනම් කිරීමට මෙම ප්‍රදේශවල සිදු වන කර්මාන්ත පිළිබදව විමර්ශනයට පත් කළ කමිටුවේ නිර්දේශ අනුව පියවර ගෙන තිබේ.
මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා විසින් අඹන්ගඟ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් ඩී.ජී. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විමර්ශන කමිටුව මගින් මෙම නිර්දේශ ලබා දී තිබේ.
මෙම කමිටු වාර්තාව දිසාපතිවරයාට ලබා දීමෙන් අනතුරුව ඉන් ලැබුණු නිර්දේශ අනුව මෙම කටයුතු සිදු කෙරේ.මෙම කමිටු වාර්තාව අනුව සුදුගඟ රක්ෂිත ප්‍රදේශයේ විශාල වශයෙන් යන්ත්‍ර මගින් ගඩොල් සහ මැණික් ගැරීම් නිසා හානි සිදුවන බව කමිටුවේ නිරීක්ෂණවලට ලක් වී තිබේ.
උකුවෙල ජල විදුලි බලාගාරයෙන් මුදාහැරෙන ජලය සුදු ගඟ දිගේ බෝවතැන්න ජලාශය දක්වාත් ගලා යන අතර මෙම සුදුගඟ දෙපස සිදුවන පරිසර හානියන් පිළිබදව දිගින් දිගටම අදාළ බලධාරින් දැනුත්වත් කිරීමට පරිසර හා සිවිල් සංවිධාන ක්‍රියා කළේය.සුදු ගඟ රක්ෂිතය මැනුම් ගත කර සිතියම් ගත කිරීමටද තීරණය කර ඇති අතර රක්ෂිතය මිනුම් ගත කිරීමෙන් අනතුරුව අදාළ කර්මාන්ත සදහා දැඩි කොන්දේසි මත අවසර ලබාදීමටද තීරණය කර ඇති බව කමිටු වාර්තාවේ සදහන් වේ.
අඹන්ගගකෝරලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභාව, මහවැලි සංවර්ධන අධීකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරීහු මෙම කමිටුව නියෝජනය කරති.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ සුදු ගඟ දෙපස වැලි කැණීම් තහනම්
Perera Wednesday, 25 November 2020 04:47 AM
ඔය කොන්ත්‍රාත් එකත් අර පාර්ලිමේන්තුවේ ඉන්න පස් මුදලාලිලාට දෙන්න එහෙනම්.