IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහව සිට ඕමන්තේ දක්වා නව දුම්රිය මාර්ගයක්

(මනෝජ් හර්ෂික)

මහව සිට ඕමන්තේ දක්වා දැනට භාවිතා කරන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට නව දුම්රිය මාර්ගයක් සෑදීමේ  ව්‍යාපෘතිය අද (18) නිල වශයෙන් ආරම්භ විය.

ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි IRCON Intonational Limited  සමාගම අතර අද (18) කොළඹදී මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරිණි.

දුම්රිය මාර්ගය සකස් කිරීමට වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 91.2ක් වන අතර ඉන්දීය ණය ආධාර ක්‍ර‍මය යටතේ එම ප්‍ර‍තිපාදන සැපයේ.

ව්‍යාපෘතියෙන් දුම්රිය මාර්ගයට අමතරව හරස් දුම්රිය ස්ථාන 12ක් සහ දුම්රිය නැවතුම් පොළවල් 7ක් කාණු පද්ධතිය ද සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබේ.

ඒ අනුව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක්ද හා මැදවච්චිය සහ වව්නියාව අතර මහනුවර යාපනය -මාර්ගයට ආසන්නව නව දුම්රිය ස්ථානයක්ද ස්ථාපිත කෙරේ.

මෙම ව්‍යාපෘතිය වසර තුනකින් නිම කිරීමට අපේක්ෂිත අතර ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියරේදී මහව සිට අනුරාධපුරය දක්වා කොටස ද දෙවැනි අදියරේදී අනුරාධපුරයේ සිට  ඕමන්තේ කොටස ද සංවර්ධනය කෙරේ.

ව්‍යාපෘතිය ඉදිකිරීම් ක්‍රියාත්මක අවස්ථාවලදී මහව - අනුරාධපුර දක්වා කොටස මාස 6කට සහ අනුරාධපුර ඕමන්තේ දක්වා කොටස මාස 5කටද වසා තබන අතර එම අවස්ථාවවලදී දුම්රිය ධාවනය අඛණ්ඩව පවත්වාගෙන යාමට වසා දැමෙන කොටස ආවරණය වන පරිදි බස් රථ යොදවන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

 

 

 

 

 

 

 

 



අදහස් (2)

මහව සිට ඕමන්තේ දක්වා නව දුම්රිය මාර්ගයක්

dilhara Friday, 19 July 2019 05:07 AM

ලංකාවේ ඇතුලේ කොම්පැනියකට දෙන්න. ලංකාවට අබ සරණයි .

:       0       0

Udarath Friday, 19 July 2019 06:42 AM

හොඳ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site