(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාස හයකින් පමණ රැස්නොවීම සම්බන්ධයෙන් එම කමිටුවට දැඩි විරෝධය දැක්වීමට ගෙන ආ යෝජනාව අද (9) පැවති බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරු ඒකමතිකව සභා සම්මත කළහ.
ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටලූ සාකච්ඡා කර එම ගැටලුවලට විසඳුම් ලබාදීමටත් ප‍්‍රදේශයේ කරනු ලබන සංවර්ධන යෝජනාක‍්‍රමවල ඇති අඩුපාඩු සාකච්ඡා කිරීමටත් ඇති එකම ස්ථානය මෙම ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බවත්, එයද මාස හයකින් පමණ රැස් නොවීම හේතුවෙන් මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බවත් පවසමින් සම්බන්ධීකරණ කමිටුවට දැඩි විරෝධය දැක්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් විසින් මෙම යෝජනාව ප‍්‍රාදේශීය සභාවේ මාසික මහ සභාවට ඉදිරිපත් කළ අතර පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරු එම යෝජනාව ඒකමතිකව සභා සම්මත කළහ.
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව මන්ත‍්‍රීවරු දහඅට දෙනෙකුගෙන් සමන්විතය.
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ද ලේකම්වරයා ලෙස බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිමල් ගුණරත්න මහතා ද කටයුතු කරති.
2025 දෙසැම්බර් මස 16
16
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බණ්ඩාරවෙල ප්‍රා. සබෙන් සම්බන්ධීකරණ කමිටුවට විරෝධය