IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පොළොන්නරුවේ පානීය ජල හිඟයෙන් 60,000 ක් පීඩාවට

(ක.ග.කරුණාරත්න)

නියඟය  හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පානීය ජල හිඟයෙන් පෙළෙන පිරිස 60,000 ඉක්මවන බව  දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන ඒකකය කියයි.

පාසල් 23 ක ඉගෙනුම ලබන සිසqyq 5000 ක් පමණද පානීය ජල ගැටලුවට මුහුණ පා සිටිති.ඒ සියලුම දෙනාට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

පානීය ජල හිඟය බලපා තිබෙන වැඩිම පිරිසක් අයත්වනුයේ වැලිකන්ද මැදිරිගිරිය සහ දිඹුලාගල යන ප‍්‍රාදේශීය ලේකම් කොටිඨාස වලටය.

දිස්ත‍්‍රක් ආපදා කළමනාකරණ ඒකකය අද (16) නිකුත් කළ නවතම දත්ත වලට අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 තුළ පානීය ජල හිඟය බලපා තිබෙන ග‍්‍රාම නිලධාරී වසම් සහ පුද්ගලයින් ගණන මෙසේයි.

වලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 20ක වෙසෙන පවුල්6880 කට අයත්  පුද්ගල සංඛ්‍යාව 24253කි.

දිඹුලාගල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරී වසම් ගණන17ක  වෙසෙන පවුල් 2916 කට අයත්  ජනයා 10,389 ක් පානීය ජල ගැටලූවට මුහුණපා සිටිති.

මැදිරිගිරිය ප‍්‍රදේශීය ලේකම් කොටසේ ග‍්‍රාම නිලධාරී වසම් ගණන  11 කි.එහි පානීය ජල ගැටලූව බලපා තිබෙන පවුල් ගණන 2792 ක් වන අතර පුද්ගල සංඛ්‍යාව 11,202 කි.

හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ  ග‍්‍රාම නිලධාරී වසම් 09 ක පවුල් 2552 කට අයත් පුද්ගලයින් 8263 ක්ද ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ග‍්‍රාම නිලධාරී වසම් 02 ක පවුල් 260 කට අයත් පුද්ගලයින් 1160 කටද  මේ පානීය ජල හිඟය බලපා තිබේ.

තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ග‍්‍රාම නිලධාරී වසම් 05ක පවුල් 570 ක පූද්ගලයෝ 2006 ක්ද ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 02 පවුල් 105ක සාමාජිකයෝ 420 ක්ද පානීය ජල හිඟයට මුහුණපා සිටිතැයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මේ අනුව  පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලූවට දැනට මුහුණපා සිටින මුළු පවුල් ගණන 16,075 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 57,693 කි.

පොලොන්නරුව දිස්ත‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟයෙන් පීඩා විඳින ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා හරින බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා ජල බවුසර් 27ක් යොදවා තිබෙන බවත් දිනකට ජල ලීටර් 411,000 ක් බෙදා හරින බවත් ඒ මහතා සඳහන් කළේය.

ජල හිඟය පවතින ගම්මානවල ස්ථාපිත කර ඇති ජල ටැංකි ගණන 433 කි. ඒ සඳහා අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදී තිබෙන මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් 6,832,534 ක් බවද  නානායක්කාර මහතා සඳහන් කළේය.



අදහස් (0)

පොළොන්නරුවේ පානීය ජල හිඟයෙන් 60,000 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2524 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site