(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ලෙස මුද්‍රා නොතබන ලද මිනුම් කිරුම් යන්ත්‍ර භාවිතා කළ ව්‍යාපාරිකයන් 15කට නඩු පවරා ඇති බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඒ. එල්. නව්ශාත් මහතා පවසයි.
මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්තුමාගේ නියෝගය මත මෙ වැටලීඹ කර ඇති බව ද ඒ මහතා කියයි.
ඊයේ (2) හා අද (3) මඩකලපුව එරාවුර්, කාත්තාන්කුඩි, ආරයන්පති, ඔට්ටමාවඩ, වාලච්චේනයි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බේකරි, සතිපොළ, ස්වර්ණාභරණ විකිණීම මධ්‍යස්ථාන, සිල්ලර කඩ ඇතුළු ව්‍යාපාරික ස්ථාන 150 ක් වටලා ඇත.
මුද්‍රා නොතබන ලද මිනුම් යන්ත්‍ර සහ ඉලක්ට්‍රොනික් තරාදි යනාදිය භාවිත කළ, 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරාවුර්, මඩකලපුව සහ වාලච්චේන උසාවිවල නඩු පවරා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd