( රංජිත් රාජපක්ෂ )
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රි මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව අසලදි පීලි පැනිමට ලක් වි ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ඩිසල් ඉන්ධන ගැලුම් 5800 ක් ප්‍රවාහනය කරන ලද ඉන්ධන ටැංකියක් මෙසේ පීලි පැන තිබේ.
ඉන්ධන සහිත ටැංකිය පිලි පැනීමෙන් එම ටැංකියට මෙන්ම දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.
ඉන්ධන ටැංකිය පිලී පැනිම හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් පිලි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම දුම්රියන් වල සිටින මගින්ව දුම්රියන් අතර මාරු කර මගින්ව ගමනාන්තය දක්වා යැවිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
පිලි පැනිමට ලක් වු ඉන්ධන ටැංකියේ තිබෙන ඉන්ධන ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ඉන්ධන බවුසර් රථයකට මාරු කර පිලි පැනිමට ලක් වු ඉන්ධන ටැංකිය පිලි ගත කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd