IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුරුතුලනයට බලධාරීන් දුන් තොරතුරු ගැන පරීක්ෂණයක් ඉල්ලයි

(ජේ.කේ.එල්.චාමින්ද)

ගාල්ල කලාපයේ ගුරු තුලනය ඇතිකිරීමේ  ක්‍රියාවලියේ දී  අධ්‍යාපන බලධාරීන් ලබාදී ඇති තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
 
අභියාචනා මණ්ඩලයේදී ගාල්ල කලාපයේ ගුරුවරුන් 86දෙනෙකු මාරුකළ ආකාරය නිවැරදි නොවන බව අනාවරණයවීමෙන් පසු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.
 
කලාප අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන්  වැරදි තොරතුරු ඉදිරිපත් කර  මේ ගුරු මාරු ක්‍රියාවලිය හා ගුරුතුලනය කිරීමේ ක්‍රියාවලියේ අර්බුදකාරී  තත්වයක් මතුකිරීමට සැලසුම් සහගතව කටයුතු කර  ඇති බවත්  මේ නිසා ස්ථාන මාරු ලබාදුන් ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකේන් මහතා පැවසීය.
 
“මාරු කළ යුතු ගුරුවරුන්ගේ නාම ලේඛනය පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවලා තියෙනවා. කලාප කාර්යාලය මගින් තමයි මේ මාරුවීම් කරලා තියෙන්නේ. මේ කටයුතු  අතපසු කරන්නට නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතු වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි වෙනම විමර්ශනයක් කරනවා”   යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.



අදහස් (1)

ගුරුතුලනයට බලධාරීන් දුන් තොරතුරු ගැන පරීක්ෂණයක් ඉල්ලයි

යසස් කෝදාගොඩ Tuesday, 04 June 2019 03:49 PM

පරීක්ෂණ කරනවනම් තව කොච්චර වැදගත් දේවල් තියෙනවද මේ පළාතෙ. ඒකට ඉතිං නීතිය ගැන හරි අවබෝධයක් තිවෙන ආණ්ඩුකාරයෙක් ඉන්නට ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site