
(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
(ඡායාරූප - ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල අංකොක්කාවල, හල්ගස්මුල්ලේ පෞද්ගලික ඉඩමක පිහිටි අඩි 6 ක් පමණ ගැඹුරැති ලිඳකට වැටී සිටි අඩි 9 1/2 ක් පමණ දිගින් යුත් දැවැන්ත කිඹුලෙකු පිළිබඳව එම ඉඩමේ හිමිකරුවන් විසින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබුණි.
ඒ අනුව මෙම සත්වයා ගොඩට ගෙන මුදාහැරීම සඳහා බූන්දල වන උද්‍යානය වෙත අද (17) රැගෙන යාමට කටයුතු කරන බව වනජීවි අඩවි ආරක්ෂක ශාන්ත නන්ද මහතා පැවසීය.
ශාන්ත නන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගැට කිඹුලා කොග්ගල ඔයට සම්බන්ධ ඇල මාර්ගයක් දිගේ පැමිණීමේදී මෙම ළිඳට වැටෙන්නට ඇති බවයි.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.