IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොත්මලේ ප්‍රදේශ රැසක් ජල අර්බුදයක

(සිසිර ලලිත් කුමාර)

කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හරංගල, නවතිස්පනේ, කිරිමැටියාව , කලපිටිය , මල්දෙණිය ආදී ගම්මාන රැසක් ජල අර්බුදයකට මුහුණ දී ඇත.

මෙම ගම්මාන මීට වසර දහයකට පමණ පෙර ජල උල්පත් වලින් පිරී ගියද අදවන විට ජල උල්පත් සියල්ල සිඳී යෑමට පටන් ගෙන ඇති අතර බීමට හෝ ජලය නොමැති ලෙස ජල අර්බුදය උග්‍ර වී තිබේ.මෙම ගම්මාන බොහෝමයක ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද ඒවා නිසි ප්‍රමිතීන්ට අනුව සිදු නොවීමත් දීර්ඝ කාලීන සැලසුමකින් තොරව ක්‍රියාත්මක වීමත් හේතුවෙන් මෙලෙස ජල අර්බුද හටගෙන ඇතැයි එම ගම්වාසීහු කියති.

ජල පෝෂක ප්‍රදේශ එළි පෙහෙළි කිරීමත් ජල පෝෂක ප්‍රදේශවල එළවළු හා තේ වගා කිරීමත් මෙම ගැටළුවලට  ප්‍රධාන හේතුව වී ඇත. කොත්මලේ ජලාශයට  ජලය ගලාගෙන බසින බොහෝ අතු ගංගා අද වනවිට සිදී ගල්  තලා බවට පත්ව  තිබෙන්නේ ඉහළින් ඇති ජල පෝෂක ශුෂ්ක ප්‍රදේශ වීම හේතුවෙන් බව ප්‍රදේශවාසීහු කියති.

කොත්මලේ ජලාශයට  ජලය ගලාගෙන බසින් ප්‍රධාන අතු ගංගාවක් වන මාකඳුරා  ඇලේ මීට පෙර ජලය තිබුණද අදවන විට එය සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇත. එම ඇලට ජලය ගලාගෙන එන තිස්පනේ  අංක එක හා කටුගොල්ල යන ප්‍රදේශවල  තිබූ ජල පෝෂක  අදවන විට දක්නට නොමැත.

හරංගල ගම්මානය කොත්මලේ ජලාශයේ ජලාශ වේල්ලට මායිම් වන එක් ගම්මානයක් වන අතර මීට වසර දහයකට පමණ පෙර එම ගම්මානයේ කුඹුරු අක්කර සියය ඉක්මවා අස්වැද්දුවද  අදවන විට එම ගම්මානයේ එක් කුඹුරක් හෝ අස්වැද්දීමට නොහැකිව  ඇත්තේ ජලය නොමැතිකම හේතුවෙනි.

පොදු ජල ව්‍යාපෘති වෙනුවට පුද්ගලික ජල සැපයුම් ගම්වාසීන් ක්‍රියාත්මක කිරීමද මීට හේතු වී තිබේ.

 

 



අදහස් (0)

කොත්මලේ ප්‍රදේශ රැසක් ජල අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site