(මනෝජ් හර්ෂික)
රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්වල ආරක්ෂිත යූරියා පොහොර තොගයක් පවත්වාගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අද (18) සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
හදිසි පොහොර අවශ්‍යතාවයකදී හා තොග ආනයනයකදී වන ප්‍රමාද වීම් මඟහරවා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක තොග සංචිතයක් ලක් පොහොර සමාගමට ටොන් 15,000ක් ද කොමර්ෂල් පොහොර සමාගමට ටොන් 15,000ක් වශයෙන් බෙදී යන ලෙස ගබඩා කිරීමට උපදෙස් ලබා දී ඇත.
ලක් පොහොර සමාගමෙහි වෘත්තීය සමිති කිහිපයක් සමඟ අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම තීරණයට එළැබී තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි ඇමැතිගෙන් පොහොර සභාපතිවරුන්ට උපදෙස්