(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් අද (05) සම්පූර්ණයෙන්ම විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම්.එච්.එම්.ආර් බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව කලාවැවෙන් කලා ඔයට තත්ත්පරයට ගණ අඩි දසදහසක ජල ධාරිතාවයක් මුදා හරිනු ලබයි.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලාවැවට තත්ත්පරයට ගණ අඩි දොළොස් දහසක පමණ ජල ධාරිතාවයක් ලැබෙමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ හේතුවෙන් ගල්නෑව සිට හදුන්ගම හරහා කැකිරාව දෙසට ගමන් ගන්නා මාර්ගය කලාඔය අසලින් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබේ.
මේ නිසා එම මාර්ගයේ ගමනා ගමනය ඇනහිට ඇත.කලාඔයේ ජලය තව තවත් වැඩි වීමට ඉඩ ඇති බැවින් කලාඔය දෙපස ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් විවෘත කෙරේ