(සමන් පාලිත නානායක්කාර)
අතිකාල, නිවාඩු දීමනාව, ගමන් පරිවර්තිත දීමනා නොගෙවීම මත ඌව පළාතේ සියලු ආයුර්වේද රෝහල්වල වෛද්‍යවරුන් හෙද හෙදියන් උපස්ථායක ඇතුළු සියලු සේවකයින් වෘත්තිය ක්‍රියා මාර්ගයක් වශයෙන් වශයෙන් අද (8) වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති ජගත් කාසිගේ මහතා පැවසීය.
මේ හේතුවෙන් අද දින ඌව පළාතේ සියලු ම ආයුර්වේද රෝහල් වල වැඩකටයුතු අඩාල වී තිබේ.
නේවාසික රෝගීන් පරික්ෂා කිරීම සත්කාර කිරීම බෙහෙත් සැපයීම සිදු නොවීම නිසා රෝගී වූ දැඩි අසීරුතාවකට පත් වී තිබේ.
අද මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවද ජගත් කාසි ගේ මහතා පැවසීය.
දියතලාව ආයුර්වේද මහ රෝහල, බිබිල මැදගම ආයුර්වේද රෝහල, පල්ලකැටුව ආයුර්වේද රෝහල, මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහල, බතලයාය ග්‍රාමීය ආයුර්වේද රෝහල, බුත්තල ආයුර්වේද රෝහල යන රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.