(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයට අද (18) සිට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5 ක් විවර කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමඟ ඩෙවෝන් දිය ඇල්ලේද ජලය වැඩි වී ඇත. කොත්මලේ ඔයේ ජලය වැඩි වීම හේතුවෙන් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් අපදා කළමණාකරන අංශය ඉල්ලා සිටී.
අධික වර්ෂාව හේතුවෙන් ශාන්ත ක්ලෙයාර දිය ඇල්ලේද ජලය වැඩිවී ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශෙවලට පවතින අධික වර්ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.