2021 මාර්තු මස 06 වන සෙනසුරාදා
0 108
සජිත් ප්‍රේමදාස මහතා උතුරට එකක් කියා දකුණට තවත් දෙයක් කියන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝමාගමදී පෙරේදා (22) පැවැසීය.
1 232
රටේ ප්රශ්නය විහිළුවට නොගෙන රට ගොඩනඟන ආකාරය ගැන ප්‍රසිද්ධියේම විවාදය කරමු යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්නපුරයේදී පැවැසීය.
4 99
කොරෝනා වසංගතය නිසා ඇති වූ ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ මෙරට කාන්තා පරපුර යැයි ද කාන්තා පරපුර ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අංගසම්පූර්ණ සුවිශේෂී වැඩසටහනක් ඉදිරිපත් කරන බවද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.
0 244
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානතාවක් තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පෙරේදා (21) පැවැසීය.
1 327
බොහොම තදින් මැතිවරණ නීති ක්‍රියාත්මක කරන බවට පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා යටතේ පොහොට්ටුවට එක නීතියකුත් විපක්ෂයේ පක්ෂවලට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙමින් පවතින බව කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද(22)පැවසීය.
0 329
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
2 300
අගෝස්තු පස් වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා කොළඹදී පෙරේදා (19) පැවසීය.
3 342
‘‘විවේචනය කිරීමෙන්, අවලාද කිරීමෙන් තමන් ජනතාව වෙනුවෙන් කරන සටන නතර කිරීමට දේශපාලන කුහකයන්ට සහ ඩීල් කාරයන්ට හැකියාව නැතැයි සමගි ජන බලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේදී පැවසීය.
0 217
කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් එනවාද, නැද්ද කියාවත් හරි අබෝධයක් නැති ආණ්ඩුවකට පාලන බලය දීම සමස්ත රටේම ජීවිත අනතුරේ හෙළීමක් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල ජන රැලි මාලාව අමතමින් පැවසීය.
0 174
ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.
0 463
මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අතුරලියේ රතන හිමිය.
0 239
මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතාය.
16 6406
කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක ගැටලු ඇතුළු වර්තමාන අභියෝග ජයගැනිමට ජවසම්පන්න පාලනයක් බිහිකිරිමට කැපවෙන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(20) පැවසීය.
2 407
කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතාය.
1 143
කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.
3 1667
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ දෙකක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය සමග හිඳිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින්ට සහ ඒ අයට අධිකරණ ගානේ ගොස් කරදර කළ බවත්, දැන් එකතුවී එක සංධානයක් හැදුවත් පරණ අතීත සිදුවීම් සම්පූර්ණයෙන් අමතක කරන්නේ නැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.බී.දිසානායක මහතා පැවසීය.
3 639
මාර්තු මාසයේ තුනෙන් දෙකේ බලයක් හඹාගෙන ගිය පොහොට්ටුවට ජූලි මාසය වනවිට සරළ බහුතරයවත් ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(17) පැවසීය.
3 512
‘පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට ආණ්ඩුව තුනෙන් දෙක සොයමින් සිටින බව’ සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවනැල්ලේදී පැවැසීය.
2 460
‘‘වතුර ඉල්ලන ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තර දෙන 2015ට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව මේ මාස කිහිපයේදී ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටිතැ’’යි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
0 321
‘‘පොහොට්ටුව ඇතුළු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කණ්ඩායම් සමග කිසි විටෙක එක්ව ආණ්ඩු කරන්නේ නැතැ’’ යි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13 වැනිදා) රත්මලානේදී පැවසීය.
0 167
ජනාධිපතිවරණය ජයගනිමින් රටතූළ ඇතිකළ වෙනස ව්‍යවස්ථාදායකයේ වෙනසක් දක්වා පරිවර්තනය කිරීමට මෙවර මහමැතිවරණය යොදාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීධූරාපේක්ෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (14) පැවැසීය.
0 218
වසංගතයක් බවට පත්ව ඇති පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට ගත හැකි හැම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බේරුවල දී ඉකුත්දා (10) පැවැසීය.
15 650
‘‘ආගම් භේදයෙන්, ජාති භේදයෙන් රට අවුස්සා ගිනි තියන්නට හදන්නේ සැබෑ බෞද්ධයන් නොවේ’’ යැයි සමගි ජල බලවේගය නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලය මුතූර්හිදී පැවසීය.
2 873
‘‘රජයේ සේවකයන්ගේ - රණවිරුවන්ගේ පිහිටෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් ගෙන ගිය පාලනයට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් ලැබෙනු ඇතැයි’’ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
2 708
‘වැරැදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර රට වළපල්ලට ඇද දැමූ පොහොට්ටු ආණ්ඩුවට වසර පහක් සඳහා නැවත රට ඉල්ලන්නට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි’, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහරගම දී පැවැසීය.
0 153
වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත්නොවී ඍජුව කටයුතු කිරීම සඳහා තම පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (8) පැවැසීය.
0 206
මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකරගත් මුස්ලිම් නායකයන් ඉකුත් ආණ්ඩුවේ සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පෙරේදා (8) පැවැසීය.
3 374
රාජ්‍ය සේවකයන්ට හොඳින් සලකන බව කියා බලයට පැමිණි පොහොට්ටු ආණ්ඩුව දැන් රාජ්‍ය සේවය දියකර හරිමින් රාජ්‍ය සේවක සියලු දීමනා සහ අයිතීන් කප්පාදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම දී පැවසීය.
0 762
‘රණසිංහ ප්‍රේමදාස යුගයෙන් පසු රැවටීමට සමච්චලයට ලක්වුණ රටේ අද්විතීය කලා පරපුර සදා සුරැකීමේ ප්‍රමුඛතම වගකීම තමන් බාරගන්නා බව’ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.
0 381
දේශපාලකයන්ට හොරකම් කරලා බේරෙන්න උපක්‍රම හදලා දෙන්නෙත් ඒ ඒ ක්ෂේත්රවල ඉන්න සමහර විද්වතුන්. බොරු කොමිෂන් දාලා ප්රශ්නය ඇද ඇද ඉඳලා ජනතා අවධානය වෙන පැත්තකට යවලා දූෂිතයන් බේරනවා යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (08) පැවසීය.