IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


“මැතිවරණය දිනන්න නම් සජිත් එජාපයේ නායකයා කරන්න ඕනෑ”

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ  පාක්ෂිකයන්ට ආදරය කරන සජිත් පේ‍්‍රමදාස මහතා වහාම පක්ෂ නායකත්වයට පත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පාක්ෂිකයින් සුරැකීමේ ජාතික සංවිධානයේ   ජාතික සංවිධායක රංජිත් ශාන්ත කහවල මහතා පැවැසීය.
 
පක්ෂයේ සහ පාක්ෂිකයන්ගේ බහුතරයට කන් දෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාට මෙම අවස්ථාව ලබාදිය යුතුව ඇතැයිද ඔහු  සඳහන් කළේය.
 
ඇතුල්කෝට්ටේ එක්සත් ජාතික පාක්ෂිකයින් සුරැකීමේ ජාතික සංවිධානයේ   කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කහවල මහතා මෙසේද කීය.
 
 ‘‘පාක්ෂිකයන් ආරක්ෂා කරමින්  පක්ෂයට ආදරය කරන නායකයෙකු පත්කරගැනීම අපේ අරමුණයි. ඒ අනුව  පක්ෂ නායකත්වයෙන් ඉවත්ව  සජිත් පේ‍්‍රමදාස මහතාට එම අවස්තාව ලබා දෙන ලෙසට අපි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් අගමැතිකම පරිත්‍යාග කලා වගේ පක්ෂ නායක කමත් සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට කටයුතු කළ යුතුයි.
 
රනිල් වික‍්‍රමසිංහ මහතා දිගින් දිගටම සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය ලබාදීම ප‍්‍රතික්ෂේප කරමින් සිටිනවා. නායකතුමන් ඇතුළු ඇතැම් පිරිස් සිතා සිටිනවා එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ පවුලේ බූදලයක් කියලා.
 
නායකත්වය ගැන සාකච්ඡා කරන්න 9 වැනිදා රැස්වෙලා 16 වැනිදාට කල් දානවා. 16 වැනිදාට යළිත් කල් දානවා. මේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීම ප‍්‍රමාද කිරීම ගැන එක්සත් ජාතික පාක්ෂිකයින් සුරැකීමේ ජාතික සංවිධානය විදියට අපිට තවත් බලා සිටින්න බැහැ. සජිත් පේ‍්‍රමදාස මහතාට  නායකත්වය දෙනතෙක් අපි  ගම් මට්ටමින්, ආසන මට්ටමින්, දිස්ත‍්‍රික් මට්ටමින් මේ සටන මෙහෙයවනවා.

ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට තිබූ ජයග‍්‍රහණය කමිටු දදා කල් දමා රනිල් වික‍්‍රමසිංහ මහතා වැළැක්වුවා. මේ නිසා එතුමන්ට අවශ්‍ය සංවිධාන කටයුතු කරන්න ප‍්‍රමාද වුණා.
 
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළාට පස්සෙත් ජනාධිපතිවරණයෙන් පස්සේ  තවදුරටත් අගමැති ඔහුයි කියලා  රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.  ඒ වගේම සජිත් පේ‍්‍රමදාස මහතා හිතවත් නොතිබූ එම්. සී. සී. ගිවිසුම  අත්සන් කරන බව පැවසුවා.  මේ නිසා අපිට විශාල ඡන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා.
 
අද මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාවගේ විශ්වාසය බිඳගෙන තිබෙනවා.  ජනාධිපතිවරණයේදී වූ වැරුද්ද නිවැරදි කරගැනීමට  ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරවීමට ජනතාව බලා සිටිනවා. ඒ ජයග‍්‍රහණය වැලැක්වීමට රනිල් වික‍්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් සමග එක්ව කරන කුමන්ත‍්‍රණයකටද මේ නායකත්වය ලබාදීම ප‍්‍රමාද කරන්නේ කියලා  අපිට සැක සිතෙනවා.
 
සජිත් පේ‍්‍රමදාස මහතාට සියලුම පාර්ශව හවුල් කරගෙන ඉදිරි මහමැතිවරණය මෙහෙයවීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට අපි පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (1)

“මැතිවරණය දිනන්න නම් සජිත් එජාපයේ නායකයා කරන්න ඕනෑ”

jayarathna jayasingha Sunday, 19 January 2020 11:02 AM

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයින්ට ආදරය කරන සජිත් පේ‍්‍රමදාස මහතා පත් කරගෙන ඉල්ලගෙනම නෑවා මදිවට තව ගේමක් ඉල්ලනවා. එ්කත් ඉල්ලගෙන කන්න හදන්නේ. පිස්සු නැතිනම් ෂෝක්...

:       3       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site