පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන රැළි 25 ක් පැවැත්වීමට සැලසුම්කර ඇති ඇති අතර ඒ සියලුම රැළි සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමටද නියමිතය.
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 18 දා ආරම්භකිරීමය නියමිතය. එදින සවස 3.00 ට මහනුවර පොදු වෙළෙදපොල භුමියේදී ප්‍රධාන රැළිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එයට සමගාමීව එක්සත් ජාතික පක්ෂ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංවිධාන 25 ක් ඇමතීමටද නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අපිට හැකිවෙයි ඔය හැමතැනකදිම... අර කිකිලි වටේ දාන කුකුල් නැටුම බලන්න.
අගමැති යනවා නම් හැම රැළියටම එජාපයේ පරාජය ස්ථිරයි. මේ නායකයා නිසා අපේ පක්ෂය නැත්තටම නැති වුණා. ජ්‍යෙෂ්ඨ එජාප සාමාජිකයිනි, දැන්වත් පක්ෂයට නව නායකයෙක් තෝරා ගන්න කාලය ඇවිත්...