(රන්ජන් කස්තුරි
ආනයනික වාහන සඳහා වැඩිකළ බද්ද මාර්තු 06 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කර ඇති ගිණුම්හිමියන්ට බල නොපාන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ දිනට පසුදින එනම් මාර්තු 6 වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කරන්නන්ට වැඩිකළ වාහන බදු අදාළ වන බවද මුදල් ඇමතිවරයා කීය.
එන්ජිම සහ කුටි සවිකළ චැසි ලෙස ආනයනය කරනු ලබන වාහන මත අයකළ නිෂ්පාදන බද්ද සහ කිලෝග්‍රෑම් 2000ට නොවැඩි භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයක් සහිත කුඩා ලොරි රථවල නිෂ්පාදන බද්ද මෙවර අයවැයෙන් අඩුකළ බවද මුදල් ඇමතිවරයා කීය.
COMMENTS
ඔය විදිහට මධ්‍යම පන්තිකයෙකුට වාහනයක් ගන්න බැරිවෙන විදිහට පුළුවන්තරම් බදු ගහන්න , අන්තිමේදී පාතාල කාරයෝ , කුඩුජාවරම් කාරයෝ , රජයේ ලොකු නිලධාරියෝ සහ දේශපාලකයෝ පමණක් අලුත් වාහන වල යාවි , මේ රටේ ඉදිරියට ජීවත්වෙන්න පුළුවන් ඔය කියන පුද්ගලයන්ට පමණි සාමාන්‍ය අපි බෝට්ටුවක නැගල හරි හොඳ රටකට පනිමු එහෙම බැරිනම් , අරාබි රටකට හරි යමු . කවද හරි ඡන්දයක් ඒවිනෙ එතකොට දකින්න පුළුවන් ජනතා ප්‍රතිචාරය .
ඔය බදු සම්භාරේම ගහපුවම වෙන රටක අධි සුඛෝපබෝගී වාහනයක් ගන්න තමයි ලංකාවේ මිනිහෙකුට ඉතාම පහළ මට්ටමේ කුඩා වාහනයක් ගන්න වෙන්නේ. එතකොට ඒ කුඩා වාහනයක කුලී ගාස්තුව වෙන්නෙත් පිටරටක ඉහළ පෙලේ සැප පහසු කුලී රථයක් අයකරන ගණනමයි. ලංකාවට ඔය වැඩි වැඩියෙන් එන සංචාරකයින්ට යන්න වෙන්නේ තමන්ගේ රටේ හොඳ සැප පහසු වාහනයකට ගෙවන ගණන ගෙවල පුංචි වාහනයක හිර වෙලා. ඉතින් එකපාරක් අාපු කෙනා ආයෙත් එයිද අපේ රටට? එවුන්ට කියන්නේ රටේ සංචාරක ව්‍යාපාරේට අතදෙන මහඟු අයවැයක් කියල නේද? අපනයන භාණ්ඩ නිපදවන්නටත් වෙන්නේ ඒ සන්තෑසියමයි. තමන්ගේ කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරලා, අපනයන භාණ්ඩ වරායට ප්‍රවාහනය කරලා ඉවර වුණාම, භාණ්ඩයේ මිල අහස උසට නැගලා. ඉතින් කොහොමද රුපියලේ අගය අඩු කළා කියලා නිෂ්පාදන වියදම අඩු වෙන්නේ? අති දක්ෂ මුදල් ඇමති කෙනෙක්? දැන් අවුරුදු 30ක් නැතිනම් 40ක් උන්නා කියලා සහතිකේකුත් දුන්නා නේද? පනහේ සහතිකෙත් දීල මිසක් ගෙදර නම් යවන්න එපා. තව උත්සවයක් තියලා තීරු බදු රහිත වාහන බලපත්‍ර දෙකකුත් දෙන්න ජනතාවට සේවය කරන්න.
චන්දිම මහතාගේ අදහස් මමත් අනුමත කරමි, හයර් කුලී වැඩි නිසා සංචාරකයෝ සාමාන්‍ය මගී බස් රථවල යන්න පුරුදු වෙති. එහෙම යනකොට ඔවුන් කොත්තු කඩවලින් කන්නත්, කොහේ හෝ තිබෙන අඩු මිල ගණන් කාමරවල ඉන්නත් පුරුදු වෙති. එහෙම වුනහම ලංකාවේ ඩොලර් 2000-3000 වියදම් කරන්න එන සංචාරකයා වියදම් කරන්නේ ඩොලර් 800-1000 විතර. සමහර සංචාරකයෝ ඉන්ටෙර්නෙට් බ්ලොග් ලියති මේවා කියවන සංචාරකයන් ලංකාවට ආවහම කරන්නෙත් මේ ටිකමය .
මා සිතන විදියට මෙහි පරමාර්ථය වැඩි වැඩියෙන් බදු මුදල් එකතු කිරීම නොව, විදේශ ණය ආපසු ගෙවීමටවත් ප්‍රමාණවත් නැති රටේ විදේශ මුදල් සංචිතය ආරක්ෂා කර ගැනීමයි. මේ නීතිය සාමාන්‍ය පුරවැසියන්ට සහ දේශපාලකයින්ට එකසේ බලපෑ යුතුයි.
හු එන්ඩ් පී එකෙන් දාන මුදල් ඇමතිලා ඔක්කොම දන්නෙ අය කරගන්න ඕනේ නම් වාහන බද්ද, සිගරට් බද්ද, අරක්කු බද්ද ..ඔයටික වැඩිකරන්න තමයි , එතනින් එහාට හිතන්න මොලයක් නැහැ , තව අවුරුදු 10 ක් විතර මේ ගොල්ලෝ හිටියොත් මරුටි කාර් එකකුත් කෙල කෝටියක් වෙයි
අඩුම තරමින් දේශපාලකයන්ට දෙන තීරුබදු සහනය 3000 CC වලට අඩු වාහන වලට පමණක් සිමා කරන්න, එතකොට රටේ මුදල් ඉතුරු වෙනවා මෙන්ම, අපට පාරේ බැහැල ගමනක් බිමනක් යන්න පුළුවන් , ඇමතිලා යන සහ වර්ගයේ ජීප් රථයක් ප්‍රමාණය ලොරි භාගයක් විතර ඇති , ඒවා එන්නේ ලොරි මෙන් නොවේ පැයට කිලෝමීටර් 80-120 අතර වේගයකින් ,
මේවා සැලසුම් කරලා කරන දේවල්. බදු වැඩි කරන්න කලින් එයාලගේ හිතවතුන් දන්නවා