(ජේ. කේ. එල්. චාමින්ද සහ ඩී. ජේ. විජේසිංහ)
වෙදනළාවක් රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් අසළ සැරිසැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව පිලාන ප්‍ර දේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන විවාහක කාන්තාවක් බව අනාවරණය වී ඇත.
සැකකාර කාන්තාව කුඩා කාලයේ සිටම වෛද්‍යවරියක් බවට පත්කිරීමේ ආශාවක් ඇගේ මිත්තනියට තිබී ඇති බවත්, ඇයට එය ඉටුකිරීමට නොහැකි වූ බවත්, ඇය කලා අංශයෙන් උසස්පෙළ හදරා පසුව මානසික උපදේශන පාඨමාලාවක් හදරා ඇති බවත් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
වෙදනළාවද එම මිත්තනිය විසින් මිලදීගෙන දී ඇති බවද පොලිසිය පවසයි.
මිත්තනියගේ මිතුරියක් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිත්තනිය සතුටු කිරීම සඳහා වෙදනළාව රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනීසිට ඇති බවද පොලිසිය පවසයි.
රෝහල් පොලිසිය ලද තොරතුරක් මත අන්අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනාව යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාව අද (18)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
වෙදනලාවක් අතේ තියාගෙන ඉන්න බොහෝ අයට හිතෙන්නේ කඩු කස්ථාන පැළඳගෙන ඉන්නවා වගෙයි.
වෙද නලාවක් ලඟ තියාගැනීම වරදක්ද?
රටේ හිටපු රාජ්‍ය නායකයකුගේ බිරිඳකුත් අක්ෂි රෝග පිලිබඳ වෛදය වරියක් ලෙස පෙනී සිට කුඩා ළමුන්ට පවා බෙහෙත් දුන්නා. පුළුවන් නම් එයාවත් අල්ලන්නකෝ.
එ්ක එයාගේ අහිංසකකම... පව් මිනිස්සුන්ගේ එක එක මානසික මට්ටම් තියනවා ඒ වුණාට ඉතින් කරලා තියන්නේ බරපතල වරදක්...
වෛද්‍යවරයෙක් උදැල්ලක් රැගෙන ගොවිපොලක ගොවියෙක් ලෙස පෙනීසිටියොත් අන්අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනීද?
ඕක ඔය තරම් ගණන් ගත යුතු දෙයක්ද?
බෞද්ධයෙක් වන මා කිතුනු පල්ලියට සහ හින්දු දේවාල වලට නිතර යනවා බාර හාර ඔප්පු කරන්න. අපේ රටේ රාජ්‍ය නායකයෝද එසේමයි. සමහරු හොරෙන්ම බිල්ලෙක් වගේ දේවාල තරාදියේත් කිරෙනවා අපි දැක ඇත. බලාගෙන යනකොට මේකත් 'අන් අයෙකු ලෙස පෙනී සිටීම' හේතු කොට ගෙන හිරේ යන වැඩක්නේ.
ඇය කළ වැරැද්ද මොකක්ද? මිත්තනිය සතුටු කිරීම වරදක්ද? ඇය බෙහෙත් දෙන්න ගියේ නෑනේ. එහෙම වුනොත් විකට ඇඳුම් තරඟ වලදී වෛද්‍යවරුන් ලෙස පෙනී ඉන්නත් බැහැනේ.
වෛද්‍යවරියක් වගේ ඉඳලා කාව හරි රැවැට්ටුවේ නෑනේ... එයාගේ මිත්තණිය සතුටු කළා විතරයිනේ...