අනීෂා මානගේ
රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය.
ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියළුම ආගම්වල සිවිල් ජනතාව සමඟ එකතු වීමට තීරණය කර බලවේගයක් ගොඩනැගීමට තීරණය කළ බවද ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මෙම රණවිරුවන් ඉල්ලා සිටියහ.
හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ මෙම රණවිරුවන් පිරිස සුහදව සාකච්ඡා කළ අතර ඔවුන්ගේ තනතුරු ප්‍රදානය කිරීම ද විපක්ෂනායක අතින් සිදුකෙරිණි.
COMMENTS
ඔක්කොටම කලින් වංචා චෝදනා වලට මුහුණ දීලා නිවැරදි වෙන්න එපෑයැ. රටක් පාලනය කරන්න හොඳ මිනිස්සු වෙන්න ඕනිනේ.
ගෝටා ඇවිත් මොනා කරන්නද? එයාට දැනටමත් නඩු හැට කෝටියක් වැටිලා ඇමෙරිකාවේ. එයින් සමහරක් යුධ අපරාධ පිළිබඳව. ඒ සියලු නඩු වැටුනේ එය ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න ඉස්සරවෙලා. ඇමෙරිකානු නිතිය අනුව පුරවැසිකම අත්හරින්න පෙර වැටුණු නඩු වලට එයා පුරවැසිකම අත හැරියට පස්සේ උනත් දඬුවම් දෙන්න පුළුවනි. ඒ කියන්නේ ගෝටා දැනටමත් රූකඩයක් වෙලා ඉවරයි. ඒ නිසා අන්ධානුකරණයෙන් පිට රටවල් කියන කියන පැත්තට වැඩ කරන පඹයෙක් පත් කරගන්නේ නැතිව, ජාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් ඇති, රටට නායකත්වය දීමට හැකි තරමට තරුණ, රටට වැඩක් ඇති නායකයෙක් පත්කරගෙන රට ඉදිරියට ගෙනියන්න වෙනවා.
මොහුට ජනපතිවරණයට ඉල්ලීමට නොහැකි නීතිමය තත්වයක පසුවන බව ඔබලා දන්නේ නැතිද ?ඇයි මේ බොරු වැඩ කරමින් කාලය නාස්ති කරන්නේ ?
රටේ ඉන්න ඔක්කොම රණවිරුවො ඔය රණවිරු බලකායේ නියෝජනය වෙනවද.
ඔය කියන බලකායේ කීදෙනෙක් විතර ඉන්නවද ?
මේක ගෝටා විසින්ම හදාගත්ත බොරුවක්.
අපිත් හෙට අනිද්දාම යනවා ඉල්ලීම කරන්න දැනටම 3456ක බලකායක් අපිට ඉන්නවා. ඒගොල්ලෝ කැළෑ කපන්න අති දක්ෂයෝ.
ජර්මනියේ හිට්ලර්ටත් ජයවේවා කියන්න ජනතාවක් සිටිය නිසා මෙය පුදුමයට කරුණක් නොවේ. රටේ පාලනයට අපරාධකරුවන්, දුෂිතයන් සහ කසිප්පු මුදලාලිලාව, පත්කරන ජනතාවක් රටේ සිටීම රටේ අවාසනාව වී ඇත.
ඔක්කොටෝම ඉස්සෙල්ලා සරත් ෆොන්සේකා මහත්තයා වගේ බය නැති වෙන්න ඕනේ. බය අය කොහොමද රටක් පාලනය කරන්නේ?
අපරාදේ කියන්නේ එන ඔක්කොම කොමෙන්ට්ස් ගෝඨා විරුද්ධ, පක්ෂයට විරුද්ධ ඒවා විතරමයි.
රණවිරු බලකාය කීවම ...මම හිතන්නෙම විශ්‍රාම ගියපු හමුදා සේවය කරපු යම් කංඩායමක් වියහැකි. මොකද හමුදාවට දේශපාලනය තහනම් නෙ. අනික රටෙහි හමුදාව කියන්නෙ එක අංශයක් පමණි. රටක පාලනය තීරණය කරන්න හමුදා ක්‍රියාකාරිත්වයම ප්‍රමාණවත් නොවන්නේය. සමහර අය කියනව ගෝඨාභය වැඩ පෙන්නපු කෙනෙක් ලු. මගෙ මතයනමි ඇත්ත අයියා ජනාධිපති .. තව අයියෙක් රටෙි සල්ලි ටික බෙදීම තීන්දුව ගන්නා කෙනා. ඉතිං ආරක්ෂක ලේකම්ට නගරය භාරදීල යහමින් සල්ලි දුන්නා. හමුදාව යොදවා වැඩටික කෙරුවා. හමුදාව කියන්නෙ පවරන දෙය කරන එක සංවිධානත්මක මෙහෙයවීම මත... එය තුලින්ම මැනිය හැකිද රටක පාලනයට සුදුසු ඔහුම බව. අපෙ රට මෙයිටවඩා හිතන්න ඔින රටට අවශ්‍ය පුද්ගලයන් වෙනුවට නිසිවැඩපිළිවෙළක් බව.
ඝෝඨාභයට තිබෙන භය, මේ ඔක්කොම දේශද්‍රෝහියෝද? ඇයි මෙතරම් භය? මෙතුමාගේ කාලයේ මහපාරේ ටයර්වල ආදාහනය කෙරුනේ නැහැ.
අඩුගනනේ ක්‍රිකට් ලෝක කුසලානය දෙන්න තීන්දු කල විදිහ ගැන හිතන්න. දිනුම දුන්නේ සෙල්ලම් කරපු කාලය තුල ගහපු 6 - 4 පාරවල් වලට. දේශපාලනයේදී මෙදෙගොල්ලෝම හොරු ඒ අතින් එකසමානයි කියමුකෝ. නමුත් පාලන කාලයේදී රටට කරපු වැඩ බැලුවාම රාජපක්ෂ කාලයේ රටට කරපු වැඩ රනිල්ගේ ටීම් එකට හිතන්නවත් බැරි උනා. රනිල්ගේ ටීම් එකට තවම තම පක්ෂයෙන් ජනාදිපති අපේක්ෂකයෙක් තෝරා ගන්න බැරි උනා. රාජපක්ෂලා ප්‍රතිපත්තිත් එලියට දානවා අගෝස්තු 8 වෙනිදා. රනිල්ලාගේ රටට වැඩ කෙරිල්ලත් ඔහොම තමයි. රාජපක්ෂලාට හොර අවුට් දීලා තමයි දිනන්න හදන්නේ. මතක තියා ගන්න තර්ඩ් අම්පයර් රටේ ජනතාව බව.
70පැනපු වල පයයි ගොඩ පයයි, බයිපාස් කරපු මනුස්සයෙක්, ඇමරිකන් පුරවැසියෙක් රටේ ලොක්කා කරන්න ඉල්ලන්න පිස්සුනේ. නිකන් හරියට ඉන්දියාවෙන් දෙමළ මනුස්සයෙක් ආනයනය කරලා රාජසිංහ කියලා රජ කෙරෙව්වා වගේ තමයි.
වගකීමෙන් කියන්නේ මෙයා ඉල්ලුවත් නියත වශයෙන්ම පරාදයි , රනිල් , කරූ , සජිත් තුන්කට්ටුවට වෙන්නෙත් ඒකම තමයි
සරත් ෆොන්සේකා බය නැතිනම් කියන්න එපායැ මගේ හමුදාව යුද අපරාද කලේ නැහැ කියලා. මතකද මහින්ද මහතා කීවා "සීරෝ කැෂුවල්ටීස්" කියලා... අන්න මිනිස්සු.
අපොයි, ඔව් ටයර් දාල පුච්චලා මැරුවේ නැහැ. සුදු වෑන් වලින් ගෙනිහින් තමයි ඒක කලේ. හමුදා කොල්ලෝ රිමාන්ඩ් වෙලා ඉන්නේ ඒවායේ ප්‍රතිඵල හැටියට තමයි. මේ කොමන්ට්ස් දාන කට්ටිය කවුරු හරි කියනවද ඊළඟ මැතිවරණයේදී අපේ ඡන්දය දෙන්න සුදුස්සෙක් අපේ රටේ ඉන්නවද කියලා. මොකෝ මට නම් එහෙම කෙනෙක් ගැන හිතන්නවත් බැහැ. ඔක්කොම හොරු, තක්කඩි, වංචා කාරයෝ...
අන්ත රථවාහන රාජකාරි නියුතු පොලිස් නිලධාරීයකුට පහරදී යටිනුවර ප්‍රාදේශීය සභික (කඩුගන්නාව පදිංචි) බන්ධනාගාර ගතකරල.. රටම යුධ පිටියක්ද? පොලිස් නිලධාරීන්ට ගහනඑක දැන් ප්‍රාදේශීය නියෝජිතයින්ගේ රට බේරාගැනීමේ කටයුතුවල කොටසක්ද?... මෙය පළමුවන අවස්ථාව නෙමෙයි නාරම්මල වුණා. යටිනුවරම තව කෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ අතර මිහින්තලය දී තරුණයකුට පොල්ලකින් පහරදී කෙනෙක් අත්අඩංගුවට පක්වූවා... ඔවැනි සිද්ධි රැසක්ම වාර්තා වුණා.. රට බේරාගැනීමේ පළමුවන පියවරට ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර තනතුර අහිමි කරලා රටට පෙන්වන ලෙස යෝජනා කරමි...