(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධ විමර්ශන වලට සහය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබො දිනකින් ශ්‍රී ලංකාව වෙත එවන බව අග්‍රාමාත්‍යවරයා ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ප්‍රතිඥා ලබා දී ඇත.
ශ්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ.
තම රටද එක් වරෙක මුහුණ දුන් අවාසනාවන්ත අත් දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මෙවර මුහුණ දීමට සිදුවී තිබෙන බව සඳහන් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය එම ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට උපරීම සහයෝගය දීමට සූදානම් බවද සඳහන් කර තිබේ.
විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ මහත්මිය වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතියද පිරිනමා ඇත.
COMMENTS
අනේ මෙයාට එංගලන්තයේ මන්ත්‍රී කමක් දිලා ඒ රටට ගන්නකො ලොකුම උපකාරයක්
එංගලන්තෙන් උදව් නැතිවට කමක් නැහැ . ඔහේ ඉන්න එල්ටීටීඊ කට්ටිය පාලනය කරගෙන ඉන්න,
ලොව අංක එකේ මහා මොළකරුවන්ව හා සටන්කරුවන් හා ඉව ඇති අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මේ වැඩේ කරන්නට පුළුවන් බව සියලු ශ්‍රී ලාංකිකයෝ හා විදෙසිකයෝ පවා පවසා තිබෙනවා. සමහර විට මේ දෙයින් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වන්නට පුළුවන්....
ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී කණ්ඩායම විනාස කරපු, ඉතාම විශිෂ්ට හමුදා සේනංක සිටින මේ රටට මොවුන්ට හෝ වෙනත් ඕනෑම විදේශීය හමුදා කණ්ඩායම් වලටත් රාජජ නොවන සංවිධාන වලටත් ඇතුල්වීමට ඉඩ නොදිය යුතුයි. මේ ක්‍රියාවට ජනාදිපතිවරයා ඉඩ නොදිය යුතුයි. ජනාදිපතිවරයා මේ දුෂ්ට පාවාදීමට එරහිව කටයුතුකළ යුතු අවස්ථාවයි.
අවුරුදු 30 ක යුද්දෙට මුන් කිසි උදව්වක් දුන්නෙ නැත. මොකද දැන් මුන් මෙතන රිංගන්න එන්නේ. රට විනාශ වෙන්න නම් මුන්ව ගෙන්න. සිරියාවට උන දේ තමා වෙන්නේ මෙහෙත්.
පිටරටවල විමර්ශන කණ්ඩායම් සහ බුද්ධි අංශ රිංගව ගත්තා වගේ නම් වෙන විනාශය. දැන් ඔය ඇෆ්ගනිස්තාන, ඊජිප්තුව, සිරියාව, ඉරාකය වගේ රටවල් වලටත් ඔය එකඑක කණ්ඩායම් රිංගව ගෙන තමයි තවත් අස්ථාවර කරගත්තේ. මෙවැනි අවාසනාවන්‍ත අවස්ථා අවි ආයුද සහ ආරක්ෂක උපකරණ වගේම බෙහෙත් සහ හදිසි උපකරණ විකුණන අයට ධන උල්පත්.