(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තව්හීත් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උප ලේකම්වරයා අද (24) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන අංශ පාලකයා ලෙස කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.
අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන පාලක ලෙස කටයුතු කළ පානදුර පදිංචි පුද්ගලයෙකු පිළිබඳ සැකයක් තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු පොලිසියට කැඳවූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
COMMENTS
රිමාන්ඩ් එකේදිම වැඩ ඉවර කරලා දාන්න. එවන්න නම් එපා.
80 දශකයේ ජවිපය තහනම් කලේ මේවගේ කිසිම බෝම්බ පහරක් ගහන්න කලින්.. අැයි මේ මුස්ලිම් අන්තවාදී සංවිධානේ තාමත් තහනම් කරන්නේ නැත්තේ.. මේක තහනම් කරලා එ්කේ දේපල රාජසන්තක කරන්න. බැංකු ගිණුම් අත්හිටුවන්න.. සියලු සාමාජිකයින් ගැන හොයලා බලන්න.. ඒ වගේම නැගෙනහිර සිට ක්‍රියාත්මක වෙන අනෙක් සියලු මුස්ලිම් සංවිධාන ගැන හොයලා බලන්න.. සියලු මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කරන්න.. ඒ වගේම සියලුම දෙමළ අන්තවාදී අදහස් ඇති සංවිධාන තහනම් කරන්න.. සිංහල අන්තවාදී අදහස් පතුරන කිසියම් සංවිධානයක් තියෙනවා නම් ඔවුන් ගැනත් හොයන්න.. ආරක්ෂක ලේකම්කම දක්ෂයෙක්ට දෙන්න පුලුවන් නම් ඝෝටාට දෙන්න... හමුදාපතිකම ෆොන්සේකාට දෙන්න.
ඉක්මනට මේ ටික අල්ලගන්න
ෆේස්බුක් තහනම්, වට්සැප් තහනම්, වයිබර් තහනම්, ඩ්‍රෝන් කැමරා තහනම්, තව්හීඩ් ජමාත් තහනම් නැ.
සංවිධාන වලට වඩා වටින්නේ රටයා ජනතාවයි.....
ඇයි තාම මේ සංවිධානය තහනම් කරන්නේ නැත්තේ ?
සෑම ජාතිවාදී සහ ආගම්වාදී ත්‍රස්තවාදී සමිති, සමාගම් තහනම් කල යුතුයි. එතකොට තමයි මෙවැනි සමිති, සමාගම් හොයාගන්න ඉතාමත් පහසු වෙන්නේ.