( රංජිත් රාජපක්ෂ)
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුළ ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.
එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවති.
මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවති. එම ජලාශයේ 34% ජල ධාරිතාවක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ අහසේ ජලවාෂ්ප හා වැහි වලාකුලු නොමැති නිසා කෘතිම වැසි ව්‍යාපෘතිය නවතා ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල අධ්‍යාපනයක් නොලත් මට අහසේ වැහි වලා සහ ජලවාෂ්ප නොමැති වීමට හේතු ලෙස පෙනෙන්නේ වනාන්තර එළිපෙහෙලි කිරීමත් භූමිය ගස්වැල් වලින් තොරකිරීමත් කියල හිතෙනවා. මම අධිවේගී මාර්ග සඳහා අකමැති නැතත් ඒවායින් භූමිය ගස්වැල් වලින් තොරව වියලී යන බවක් පේනවා.අධික හිරු රැසින් භූමිය (අධිවේගී මාර්ග හා මහා මාර්ග)රත්වීමෙන් අහසේ තිබෙන ජලවාෂ්ප තවතවත් ඉහලට ගමන් කරනවා. දුම්රිය මාර්ග ඇතිකලොත් මෙවැනිදේ නොවේවි කියලත් හිතෙනවා.
මේවා තමයි ශාප....
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නැහැ.
පූර්ව අධ්‍යයනවලින් තොරවද මෙවැනි දේ කිරීම් අරඹන්නේ?
මමත් ආදීවේගී මාර්ග වලට කැමති වගේම සිදුවෙන පරිසර හානිය නිසා එයට කොහෙත්ම කැමති නැත......
අද ලංකාවේ හැම තැනකම සිමෙන්ති වලින් හැදු පොඩි ගල් වලින් පොලොව වහගෙන යනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ පොලොව වහගෙන ජීවත් වෙන්න බැහැ
රෑට රෑට කව්ද අහසට ෆ්ලෑෂ් ලයිට් හතරක් පහක් ගහනවා, මේවයින් වලාකුළු විසිරිලා වැස්ස නැති වෙනවා කියල තම කියවෙන්නේ, මේ දේවල් කාගේ උවමනාවට කවුරු කරනවා ද කියල හිත ගන්න අමාරුයි
කාලගුණ විපර්යාසවලට කාටවත් දොස් කියන්නවත් ඒවා වෙනස් කරන්නවත් කාටවත් බෑ. මිහිකත උණුසුම් වීම ප්‍රධාන හේතුව වන අතර මෙය වැළැක්වීමට දැනටමත් බොහෝ දේ සිදුවෙනවා. ගැටලුව මේ සියලු දේ දන්නා අනෙක් රටවල් විකල්පවලට හෝ තිබෙන විදුලිය නිෂ්පාදන ක්‍රම වැඩි දියුණුකර විදුලිය නොනවත්වා සපයනවා. ජල විදුලිය මත පමණක් බලාපොරොත්තු තබා ගැනීම අවදානම්. අපි සැවොම මිහිතලය උණුසුම් වීම නැවත්වීමට කටයුතු කරන අතරම නියඟයකදී විකල්ප සඳහා යා යුතු වෙනවා.