IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලුත උපන් දරුවන්ට මාපිය ජාතිකත්වය දැක්වීමේ වෙනසක්

(දයාරත්න ඇඹෝගම)

අලුත උපන් දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීමට පියවර ගන්නා බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පවසයි.

මීට පෙර නිකුත් කරන ලද උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳ සිංහල,දමිළ,බර්ගර් ආදී වශයෙන් දරුවාගේ දෙමාපියන්ගේ ජාතිය සඳහන් කර තිබිණි.

එහෙත් 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය අලුත උපන් දරුවන් සඳහා ලබා දෙන උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික වශයෙන් සටහන් කිරිමට තීරණය කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා විසින් අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාත් ප්‍රාදේශිය සභාවේ සභාපති එස්.බී.කුමාරදාස මහතාට ජුලි 12 වැනි දින එවන ලද ලිපියේ සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකාදිපයට අදහස් දක්වමින් අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.බී.කුමාරදාස මහතා මෙසේ පැවසීය.

අලුත උපන් දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ ජාතිකත්වය  පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් සුදුසු බවට මා මීට වසරකට පෙර  ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා.

එම ලිපියට පිළිතුරු ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්  එන්.සී.විතානගේ මහතා විසින් ජුලි මාසයේ ලිපියක් එවා තිබුණා.

මගේ යෝජනාව  2019 වසරේ සිට ක්‍රියාත්මක කරමින්, 2019 වසරේ සිට උපත ලබන දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයෙහි දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික  ලෙස සටහන් කිරීම සිදු කරන බව එම ලිපියෙන් දන්වා තිබු බවද සභාපති මෙහිදී පැවසීය.



අදහස් (52)

අලුත උපන් දරුවන්ට මාපිය ජාතිකත්වය දැක්වීමේ වෙනසක්

රජින්ද Sunday, 21 July 2019 11:53 AM

ජාතිකත්වය දැක්වීම කළ යුතු දෙයක්.! මොකද අන්තවාදී ත්‍රස්තයින්ට පුළුවන් රටේ අසමගියක් ඇති කරන්න. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්න ගිය දෙදෙනෙක් හමුදාවෙන් අත්අඩංගුවට ගත්තා ඔබට මතක ඇති, ඔවුන්ට තිබුනේ සිංහල නම්, ඒත් සොයා බැලීමේදී හෙළි වුණේ ඔවුන් මුස්ලිම් ජාතිකයින් බවයි. බැරි වෙලාවත් ඒ ප්‍රහාරය එම පල්ලිවලට එල්ල වුණා නම්, නම යන්නේ සිංහල අයගේ. ඒ නිසා රටේ දැන් ඇති වී තිබෙන සංකීර්ණ තත්වය මුළුමනින්ම මැඩපවත්වා රට ස්ථාවර වී අවුරුදු 10 කට පමණ පසුව ඔය වෙනස හැඳුනුම්පත් වලට කලොත් සාර්ථකයි. නැත්නම් එම වෙනස වර්තමාන ත්‍රස්ත ක්‍රියාවන්ට හවුල් වීමක් වෙනවා.

:       0       6

දිමුත්Friday, 26 July 2019 10:17 AM

එය ජාතිකත්වය නොවේ, ජාතියයි.

:       0       0

කමල් Sunday, 21 July 2019 12:00 PM

එහෙම කරන්න හේතුව මොකක්ද? ජාතිය එපා උනේ මොනවා නිසාද? පෙර බුදුවරුන්ගේත් ජාතීන් මොනවාද කියලා අපි දන්නවා. මහාපදාන සූත්‍රයේ හොඳට මෙනෙහි කරන්ඩ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බුදුවරු ගැන ඔවැනි විස්තර. මම සිංහල. මම අනිත් ජාතීන් එක්ක සුහදව වැඩ කරන කෙනෙක්.

:       406       672

Dr. Vajira FernandoMonday, 22 July 2019 06:36 AM

ජාතිකත්වය හෙවත් ජනවර්ගය යනු වැඩවසම් යුගයට අයිති දෙයක්. ධනේශ්වර යුගයට පරිවර්තනය වන විට එම ජාතිකත්වයන් ස්වීකරණය වී ජාතිය බවට පත් වෙනවා. එවිට එක රටක පැවතිය හැක්කේ එක ජාතියක් පමණයි. අපේ රටේ ධනේශ්වර ක්‍රමය රට තුලින් මතු වුවක් නොව අධිරාජ්‍යවාදින් හදුන්වා දුන් එකක් බැවින් ජාතිකත්වය කුලය වැනි පසුගාමී වැඩවසම් ලක්ෂණ තවමත් ඉතිරි වී පවතී. එක් රටක් ලෙස ඉදිරියට යාමට නම් මෙවැනි පසුගාමී මුල් සිද දැමීම ඉතා වැදගත් වේ. එබැවින් මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස අප තැබූ වැදගත් ඉදිරි පියවරකි.

:       264       171

[email protected]Monday, 22 July 2019 08:19 AM

හැමෝටම ශ්‍රී ලංකික කියල දාන එක එක්කම ජාති අනුව තිබෙන නීතියත් ඉවත් කරලා ඔක්කොටම ශ්‍රී ලංකික නීතිය එක විදිහට ක්‍රියාත්මක කරමු නේද ?

:       0       43

කමල්Monday, 22 July 2019 09:45 AM

Dr. Vajira Fernando, ජාතිය සිංහල හෝ දෙමළ ආදී වීම පසුගාමී වෙන්නේ කොහොමද? ඉන් පුද්ගලයෙකුගේ පරම්පරා අනන්‍යතාවයනේ දැක්වෙන්නේ. ඔබේ නමෙත් එවැනි පරම්පරාව හඟවන කොටසක් තියෙනවා. ඔබ එයත් පසුගාමී ලෙස දැක දැක පවත්වාගෙන යනවාද?

:       4       76

Dr. Vajira FernandoTuesday, 23 July 2019 04:48 AM

සිංහල දෙමල යනුවෙන් හදුන්වනු ලබන්නේ (Ethnicity) ජනවර්ගය හෙවත් ජාතිකත්වය මිස (Nationalty) ජාතිය නොවේ. ජාතිකත්වයන් අහෝසි වූ පසු ඒ ඒ ජාතිකත්වයන්ට වෙන් වෙන් වශයෙන් ඇති නීතිද අහෝසි වනු ඇත.

:       10       11

BamunuarachchiTuesday, 23 July 2019 05:43 AM

ඔබ සිංහලද ? සිංහල කියන ජාතිය ලෝකේ වෙන කොහෙවත් නැත. ඉන්නේ ලංකාවේ පමණයි. දෙමල ජාතිකයන් ලෝකේ හැමතැනම ඉන්නවා. නමුත් සිංහලයෝ කියන හොඳ සංස්කෘතියක් තිබෙන, භාශාවක්, ලියන හෝඩියක් තිබෙන, ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන, අවුරුදු 25600 ලිඛිත ඉතිහාසයක් තිබෙන ජාතියක් ඇයි අපි ලෝකෙට ඉදිරිපත් වෙන අනන්‍යතාවය නැතිකර ගන්නේ. හේතුව මොකක්ද එය නැති කරන්න. හේතුව 10% ඉන්න සුළු ජාතික කොටස්වලට සමතැන දෙන්න. ඒකට අපි පල්ලෙහාට වැටෙන්න ඕනෙද.

:       111       212

dayarathna Sunday, 21 July 2019 12:09 PM

බොහොම හොඳ වැඩක්.

:       1451       1219

P. de. silva -North America Sunday, 21 July 2019 01:02 PM

අනිවාර්යයෙන් මේ යෝජනාවට එරෙහි විරෝධතා බලාපොරොත්තු විය යුතුයි, මන්ද එහි ජාතිය වෙනුවට රට යෙදීම. මෙයින් පෙනී යන්නේ කලකට පෙර රථ වාහන නොම්බර වලින් ශ්‍රී අකුර අයින් කල දේ දෙවෙනි කොටසයි. එසේනම් ශ්‍රී ලංකික , සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , බර්ගර් , මැලේ යනුවෙන් යෙදිය යුතුය. ආණ්ඩුවලට ඔනෑ විදිහට කටයුතු කිරීමට ඉඩ දී මහජනතාව නිහඬව බලා නොසිට අවශ්‍ය පියවර ගත යුතුය, මෙය බුද්ධාගමට මෙන් සිංහල ජාතිය වෙනුවෙන් එන කුමන්ත්‍රණයක පෙර නිමිති විය හැක.මෙම ප්‍රතිචාරය දේශපාලනයෙන් තොර ජාතිය වෙනුවෙනි. ජය ශ්‍රී .

:       416       764

AsankaSunday, 21 July 2019 07:01 PM

සහතික ඇත්ත , මේ රටේ අනන්‍යතාවය නැතිකරන කුමන්ත්‍රණයක්

:       222       400

පුරවැසියා Sunday, 21 July 2019 08:17 PM

උතුරු ඇමරිකාවේ ( ඇමරිකාව, කැනඩාව සහ මෙක්ෂිකොව ) ජිවත්වන සිල්වාට දරුවන් සහ ඔහුගේ මුනුබුරු බිරියන් උතුරු ඇමරිකාවේ රටක ඉපදුනේනම් ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ සදහන්වන්නේ ශ්‍රී ලංකික , සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , බර්ගර් , මැලේ කියාද ? කුමන රටකින් පැමිණ උතුරු ඇමරිකාවේ පදිංචිව සිටින්නේනම් ඇමරිකාවේ ඉපදී ඇත්නම් ඇමරිකන්, කැනඩාවේදී නම් කැනේඩියන්, මෙෂිකොවෙදි නම් මෙක්සිකන් කියා නොවේද කියා සොයාබලන්න ? උතුරු ඇමරිකාවේ ඉහත සදහන් කුමන රටක හෝ සිල්වා ජිවත් වෙනවානම් මෙවැනි බොලද , නුගත් අදහස් පල කිරීමෙන් වලකිසිටින්න. මෙම ප්‍රතිචාරය දේශපාලනයෙන් තොර සියලු සත්‍ය ගරුකරන ජාතින් වෙනුවෙනි

:       30       203

pravin Sunday, 21 July 2019 02:11 PM

දැන් ඉතින් මගේ රට මගේ ආගම ඔක්කොම ඉවරයි. දැන් උපදින දරුවට පරම්පරාවෙන් ලැබුන එකම දේත් අහිමි කළා.

:       434       630

parakum Sunday, 21 July 2019 02:23 PM

එකඟ නැහැ

:       152       228

hitan Sunday, 21 July 2019 02:37 PM

මේක තේරුම් ගන්න අවුරුදු 71 ක් ගියානේ??

:       273       437

පුරවැසියා Sunday, 21 July 2019 03:00 PM

අලුත උපන් දරුවන්ට මාපිය ජාතිකත්වය දැක්වීමේ වෙනසක් " ජාතික උප්පැන්න සහතිකයෙන්ම මෙය ක්‍රියාවට නැංවීමට තීරණය කිරීම ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක් "

:       638       548

අමිල ටෝකියෝ Sunday, 21 July 2019 03:05 PM

මේක නම් කරන්න එපා. මොකද්ද මේ රටට මේ වෙන්නේ. ඇයි මේ නැති ප්‍රශ්න හදන්නේ....

:       127       258

Janaka Sunday, 21 July 2019 03:36 PM

දැනට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා දාන එක හොදයි. මොකද තාම එක නීතියක් නෑනෙ. ඒ නිසා තාම බොරුවට ශ්‍රී ලාංකික දාගෙන අපි අපිවම රවට්ට ගන්න ඕනෙ නෑනෙ. ශ්‍රී ලාංකික නම් එක නීතියක් හැමෝටම තියෙන්න ඕනෙ

:       231       763

චමින්දMonday, 22 July 2019 12:44 AM

රටේ සැමටම එකම නීතියක් ක්‍රියාත්මක වෙනවානම් මෙය කිරීම සුදුසුයි. ජාතියෙන් ජාතියට නීති වෙනස්ව තිබියදී ශ්‍රීලාංකික කීමෙන්. ලෝකයා ඉදිරියේ නිවැරදි ජාතීනුත් වැරදිකරුවන් වෙනවා. මෙය කරන්න පෙර රටට සැමට එක් නීතියක් ගේන්න

:       0       8

Dasthakeer Sunday, 21 July 2019 04:09 PM

මෙය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක්

:       439       542

jaliya gunawardhanaMonday, 22 July 2019 12:33 AM

...ඔහොම දේවල් කරන්න තවම ඔළුගෙඩි වැඩී නෑ ..ඔය දාර්ශනික මතවාද වලින් වෙන්නේ ලෝකයේ ඇති එකම කුඩා ජාතියක් විනාශ වී යාමයි ..දියවී යාමයි ..

:       0       2

Nimal Sunday, 21 July 2019 04:25 PM

ඊට වඩා හොඳයිනේ ජාතිය කියන තැන “මනුෂ්‍යා“ කියලා දැම්මා නම්. මොකද දැන් ඔය ඉන්න දේශපාලකයින්ට ඒකත් අමතක වෙලා.

:       14       146

ANURANGA Sunday, 21 July 2019 04:39 PM

ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ ඒකත් ඉවරයි එහෙනම්..

:       94       178

de silva berlin Sunday, 21 July 2019 06:13 PM

ජානක මහත්මයාගේ අදහස සමග මමත් එකඟ වෙනවා. මුස්ලිම් පුරවැසියන්ට එක නීතියකුත්, සිංහල, දෙමල, බර්ගර් පුරවැසියන්ට තව නීතියකුත් තියාගෙන ඔය වැඩ කරන්න බැහැ, මුලින්ම සියලුම පුරවැසියන්ට එක පොදු නීතියක් ගෙන එන්න ඕනේ, ඊට පස්සේ පුළුවන් ශ්‍රී ලංකික කියල හැමෝම හදුන්වන්න ඕනෙද නැද්ද කියලා කතාකරන්න

:       98       631

නොකවුට් Sunday, 21 July 2019 06:40 PM

ශ්‍රී ලාංකික නම් එක නීතියක් තිබිය යුතුය

:       47       266

Amarasingha Sunday, 21 July 2019 06:49 PM

අපට උරුම ජාතියක අනන්‍යතාවයක් තියනවා. ඒක සිංහල දෙමල මොක හරි ඒක අනිවාර්යයෙන් යොදන්න ඕන, බොරුවට ශ්‍රී ලාංකික කියලා දැම්මට රටේ නීති කියක් තියනවද විවිධ ජාතීන්ට විවිධ විදියට සලකන්නේ. වහාම මීට විරුද්දව සියලු ජාතින් පාරට බහින්න ඕන, මොකටද ලැජ්ජා වෙන්නේ සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් කියල කියන්න. මේකටනම් කීයටවත් ඉඩ දෙන්නේ නැහැ

:       227       497

jaliya gunawardhana Monday, 22 July 2019 12:24 AM

ලෝකයේ තියෙන එකම පුංච් දුපත ශ්‍රී ලංකාව කියන්නේ එකේ අයිතිය සිංහලයට තිබිය යුතුයි ..අන් ජාතීන්ට මේකේ ගැටළුවක් නැනේ ..සුලුජාතින් තමයි සිංහල ජාතිය විනාශ කරන්න එන්නේ ඒ කට සිංහල දේශ පාලකයෝ තමයි වැඩකරන්නේ ..එකට දැන් පරිපාලන ආයතන වල ඉන්න අයත් උදව්කරන බවක් පේනවා ..මේවට අප විරුද්ධ විය යුතුයි ...අපේ අනන්‍ය තාව දෙයියනේ කියල රැකදෙන්න ..අපට ලිඛිතව තියන එකම අයිතිය ඔච්චරයි තවම ..එකත් නැතිකරන්නද මේ හදන්නේ ....

:       26       50

Bamunuarachchi Monday, 22 July 2019 12:52 AM

කාවද මේ රවට්ටන්න හදන්නේ? උප්පැන්නේ තිබෙන පුද්ගලයාගේ නමින් ජාතිය හඳුනා ගන්න පුළුවන්.

:       24       2

Bamunuarachchi Monday, 22 July 2019 01:00 AM

මේ කරන්නේ රටේ මහා ජාතිය වන සිංහලයාගේ අනන්‍යතාවය නැතිකර දියාරු කිරීමයි. මෙසේ කිරීමෙන් සංහිදියාවක් ඇතිකිරීමට නොහැක. සංහිදියාව පටන්ගන්න ඕනේ මහ ජාතිකයාගේ සිතෙන්. උප්පැන්නේ ශ්‍රී ලංකික වෙලා හරියන්නේ නැත.

:       0       4

Nuwan Monday, 22 July 2019 01:46 AM

අපේ පාලකයෝ කරොත් කරන්නේ ඔය වගේ ගොන් වැඩක්මයි.....

:       0       0

Ravi Monday, 22 July 2019 03:47 AM

මෙය ලොකු පටලවා ගැනීමක්. ජාති බේද වෙනස් කල යුත්තේ වෙනත් ක්‍රමයකටය. ජාතිකත්වය දේශපාලුවන්ට හා නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කල නොහැක. මන්ද ජාතිය අනුව ඔවුන් ගේ සංස්කෘතිය වෙනස් කළ නොහැක. ජාතියකට අනන්‍ය වූ ලක්ෂන පවතී. හැමගේ පුරවැසි බව ශ්‍රී ලාංකික විය හැක. නැති ප්‍රශ්න ඇති කිරීමක් විය හැක.

:       0       61

sharm warn Monday, 22 July 2019 04:09 AM

කොහොමත් අපි පහුගිය කාලෙම දැකපු දෙයක් තමයි, විදේශයකදී යම් අකටයුත්තක් සිදුකල කෙනෙකු ගැන සදහන් කලේ "ශ්‍රී ලාංකිකයෙක් " කියලා. එතකොට සේරම පව් අපිට භාර ගන්න පුළුවන්නේ. කොහොම උනත් මම විරුද්ධයි. මගේ ජාතිය සිංහල. මම ඒක වෙන්දේසි දාන්න සුදානම් නැහැ ...

:       0       3

Sagara Monday, 22 July 2019 04:25 AM

ඉතාම විශිෂ්ඨ තීරණයක්, සිංගප්පූරුවේ හිටපු ජනාධිපති දෙමල ජන වර්ගයේ මහතෙක්, දැන් ජනාධිපති මැලේ මුස්ලිම් කාන්තාවක්, එත් සිංගප්පූරුවේ මිනිස්සු ඒ ගැන වදවෙන්නේ නැහැ ඔවුන්ට ඒ රටේ හැමෝම සිංගප්පූරුවේ ජාතිකයන් පමණයි, අපේ දෙමල මිනිහෙක් ජනාධිපති වේවිද, වර්තමාන තත්වය අනුව නම් අවුරුදු 100ක් ගියත් එහෙම වෙන්නේ නැහැ, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වයෙන්, දක්ෂකම නිසා ඉහලට ගිය සුළු ජාතිකයන් හිටියත් ඡන්ද බලයෙන් නම් එහෙම පත් වෙන්නේ නැහැ, එයට හේතුව මේ රට ඉතාම භයානක විදිහට ජාතීන් ආගම් කුල වශයෙන් බෙදිලා තියෙන නිසයි, මේ රටේ උපන් හෝ වේවා මේ රට මවුබිම ලෙස සලකනවුන් හෝ වේවා අපි හැමෝම මේ රට අපේ මවුරට විදිහට හඳුන්වන්න නම්, අපි හැමෝම මේ රටේ එකම එක ජාතිකයන් වෙන්න ඕන. ඒ ශ්‍රී ලාංකිකයන් ලෙසයි. උතුර දෙමලුන්ගේ, දකුණ සිංහලයන්ගේ නැගෙනහිර මුස්ලිමුන් ගේ කියල බෙදාගන්න ගියාම වෙන්නේ බෙදීම වෛරය වැඩි වෙන එක විතරයි. ඉතින් මෙය කල් ගත වී හෝ ගත විශිෂ්ඨ තීන්දුවක්, මේ තීරණය නිදහස ලැබුණු කාලයේදීම ගත්තා නම් අපේ රට අද බොහෝ වෙනස්.

:       56       111

AdhikariMonday, 22 July 2019 05:57 AM

ඔබේ පෙළපත වාසගම සහිත සත්‍ය නම එළිකරන්න .. එවිට මම ඔබට නිවැරදිම පිළිතුර දෙන්නම්

:       0       27

Sagara Monday, 22 July 2019 04:44 AM

අපි හිතමු ජාතීන් විදිහට බෙදිලා ඉඳීම සුදුසුයි කියල, එතකොට වෙන්නේ පොදු නීතියකට වඩා ජාතීන් අතර නීති ඇති වීම, දෙමල අයට වෙන නීතියක්, මුස්ලිමුන්ට වෙන නීතියක් සිංහලුන්ට වෙන නීතියක් පහතරට උඩරට්ටුන්ට වෙන නීතියක්, මේ දෙය නිසා අවුලක් බෙදීමක් ඇති වෙනවා කියල නොපෙනේන්න් ජාතිවාදයෙන් අන්ධ වුණු යට පමණයි, අපි පොදු එකම ජාතියක් නම් එකම නීතියක් ස්ථාපනය කරන්න ලෙහෙසියි. එයින් රටේ අවුල් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් විසඳෙනවා. සුළු ජාතිකයන් ලෙස නොසලකා හැරීමක් වෙනවා කියන්න බැරි වෙනවා, ඉතින් හදවතින් නොව බුද්ධිය පාවිච්චි කරලා හිතලා මේ නරා වලෙන් ගොඩ එන්න බලන්න.

:       128       61

AmarasiriMonday, 22 July 2019 09:38 AM

ඔබ උප්පත්ති අන්ධයෙක්ද..? කවද්ද සිංහල මිනිස්සු ජාතිවාදී වුනේ.., සිංහලයෝ ජාතිවාදීන් නම් කොහොමද රටේ වැඩිම ව්‍යාපාර ප්‍රමාණයක් මුස්ලිම් අය කරන්නේ... යාපනයේ හෝ නැගෙනහිර සිංහලුන්ට ව්‍යාපාර හෝ රැකියා කරන්න පුළුවන්ද? ජාතිවාදය නිර්වචනය නොදන්නා කෙනෙක්... අනික මුස්ලිම් අය කවදාවත් ඔවුන්ගේ නීති පද්ධතිය අතහරින්න කැමති වෙන්නේ නැහැ. ඉර, හඳ වගේ විශ්වාසයි.. මොකද එ්ක කුරානයෙන් පිට පැනීමක් වෙනවා. හැමදාම නම්‍යශීලි වුනේ සිංහලයා පමණයි.. ඒ බුදුදහමෙන් ලද හික්මීම නිසායි.. නමුත් අනිත් අය එක වාසියට අරන් සිංහලයටම ගහනවා..

:       22       157

ශිරෝ Monday, 22 July 2019 04:51 AM

උප්පැන්නේ නෙමෙයි සිතුම් පැතුම් තමයි ශ්‍රී ලාංකික වෙන්න ඔනේ. පුන්චි කාලෙ සිට දැරුවන්ට අපේ රට ගැන හැගීමක් ආදරයක් ඇති කරන්න ඕනේ. ආකල්ප වෙනස් නොකර එක පාරටම උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියල දැම්මාම ඉදිරියේදී නැති ප්‍රශ්නත් ඇතිවෙන්න පුලුවන්. ඇමරිකන් කාරයෝ වගේ වෙන්න ඕන කියලා හිතාගෙන වෙන්න ඇති එයාලා කරන මේ වැඩේ කරන්න ඇත්තේ.. රටට ගැලපෙන නිවැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අතනින් ටිකයි මෙතනින් ටිකයි අරගෙන ක්‍රියාත්මක කරලා රට අච්චාරුවක් කරමින් යන්නෙ. අන්තිමට අන්‍යතාවයක් නැති අපතයෝ ටිකක් වගේ වෙයි අපේ රටේ දරුවෝ.

:       0       52

upul Monday, 22 July 2019 04:54 AM

මේ තීරණයට අපි එකඟයි... හැබැයි මේ වගේ සිල්ලර දේවල් කරන්න කලින් තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය, කියන සියල්ල රටේ සිවිල් නීතියට යටත් කළ යුතුයි. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් නිශ්චල භාවයක් නොමැති කාලයක මෙවැනි තීරණ බරපතල සිදුවීම් වලට සහායක් විය හැකියි.

:       0       21

nimal Monday, 22 July 2019 04:58 AM

බොහොම හොඳ වැඩක්.

:       23       1

shan Monday, 22 July 2019 05:14 AM

අනාගතේ සිංහල, දමිල හා අනෙක් ජනානුපාත ලබා ගන්නත් බැරිවේවි වගේ

:       0       6

shan Monday, 22 July 2019 05:21 AM

"ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ" එය රැකගන්නට කෙනෙක් අපේ රටේ නැහැ පුතුනේ

:       18       42

චන්දිම Monday, 22 July 2019 06:51 AM

දැනට භාවිතා වන උප්පැන්න සහතිකයේ 4 හා 5 තීරු වල සඳහන් වන්නේ දෙමව්පියන්ගේ ජාතිය (Race) මිස ජාතිකත්වය (Nationality) නො‍වේ. මෙය අදහස් දෙකකි. සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු‍ගේ ම ජාතිකත්වල ශ්‍රී ල‍ාංකික වේ. නමුත් ඔවුන්ගේ ජාතිය සිංහල ‍දෙමළ යෝනක ලෙස වෙනස් වේ. දරුවාගේ ජාතිය ‍තීරණය වන්නේ පියා‍ගේ ජාතිය මතය. වි‍‍දේශ රටක ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව උපත ලද දරුවකුට නිකුත් කරන පුරවැසි සහතිකයේ ජාතිකත්වය සඳහන් කළද( පුරවැසි පනත අනුව) උප්පැන්න සහතිකයේ සඳහන් කරන්නේ ජාතියයි. වෙනත් රටක පුරවැසිභාව ලබා ගත්තද ජාතිකත්වය වෙනස් වුවත් ජාතිය වෙනස් නෙ‍ාවේ. එබැවින් මෙය ගැටලුවක් විය හැක.

:       0       35

Sanath KandyTuesday, 23 July 2019 04:52 AM

ඔබ ජාතිය හා ජාතිකත්වය පටලවාගෙන

:       0       0

Hubert Monday, 22 July 2019 08:04 AM

මේක දැන් වත් කරපු එකට මොලේ ඇවිල්ල

:       6       12

ruchi Monday, 22 July 2019 08:23 AM

හෙනම ගහපන්. ජාතියක් නැති අයට ජාතියක් ජන්මයක් තියෙන වුන්ව පෙන්න බැහැ. ඕකතමයි තිත්ත ඇත්ත. නමුත් අපි අපේ ජාතියට ආදරෙයි. අපි ශ්‍රී ලංකා සිංහල ජාතිකයෝ. ශ්‍රී ලංකාවේ ඉන්නේ සිංහලයෝ. ජාතිය වියුත්තේ සිංහල බෞද්ද සිංහල මුස්ලිම් සිංහල කතෝලික සිංහල හින්දු සිංහලයා යනු ශ්‍රී ලංකාවේ උපත ඇත්තන්ය.

:       10       97

Vernon Weerasinghe Monday, 22 July 2019 08:39 AM

ජාතිකයා කියනුයේ යම් රටක පුරවැසියාටය. ප්‍රංශ ජාතිකයා කියනුයේ ප්‍රංශ රටේ පුරවැසියාටය. අප සිංහල භාෂාවේ ජාතිකයා යන වචනයට වැරදි අර්ථකතනයක් දී ඇත. සිංහල ජාතිකයා නම් සිංහල රටක් තිබිය යුතුය. දෙමල ජාතිකයා නම් දෙමල රටක් තිබිය යුතුය. අප මුලික සිධාන්ත මුල සිටම පටලවාගෙන ඇත. මෙය කල යුතුව තිබුනේ අපට නිදහස ලැබූ ද සිටය. තවත් මුල සිටම කල යුතුව තිබුනේ සියලු පුරවැසියන්ට එකම නීති තබාගැනීමය. මෙමෙ මුලධර්ම නිවැරදි කරගන්නා තුරු අපට අනාගතයක් නැත. ටය

:       0       0

DhammikaMonday, 22 July 2019 09:32 AM

1815 ට කලින් ලංකාවේ මුස්ලිම් සහ දෙමල ජනයා සිංහලුන් එක්ක සහයෝගෙන් හිටියා, රටේ පාලනය කලේ සිංහල රජු 1815 දී උඩරට ගිවිසුම මගින් සුද්දට බාරදුන්න රටේ නම "සිංහලේ ", නමුත් සුද්ද අපහු බාරදෙනකොට 1948 නම "සිලෝන් " නමුත් 1972 දී එක ශ්‍රී ලංකාව කළා , ඉතින් දැන්වත් වැරැද්ද හදාගමු , නැවත සිංහලේ වෙමු, සේරම ප්‍රශ්න ඉවරයි . සුද්ද විසින් විවිධ ජාතින් අතර ප්‍රශ්න ඇතිකරපු රටක් තමයි නැවත බාරදුන්නේ

:       0       22

sampath Monday, 22 July 2019 10:02 AM

මගේ අනන්‍යතාවය මම නැති කරගන්නේ මොකටද???? උප්පෙන්නේ තියෙන වටිනාම දේ තමයි සිංහල සහ බෞද්ධ කියන එක ඔය විදියට එහෙනම් ලංකික ඕනෙත් නෑ පෘථිවිවාසී වගේ එකක් දැම්ම නම් නරකද?

:       0       34

samira Tuesday, 23 July 2019 03:22 AM

සම්පත් මහතා ඔවු එක තමයි විය යුත්තේ අපේ ජාතිය ශ්‍රී ලංකික තමයි මොකක්ද එකේ තියෙන වැරැද්ද මම පිටරට යන සෑම වෙලාවකම ඒ රටවලට ඇතුලත් වීමේ පත්‍රිකාවේ පුරවන්නේ ශ්‍රී ලංකික කියල තමයි

:       1       0

BamunuarachchiThursday, 25 July 2019 01:55 PM

මම පුරවන්නේ ජාතිය "සිංහල" කියලා වරහන් ඇතුලේ ශ්‍රී ලාංකීය කියා ලියනවා. මම ජාතියෙන් සිංහලයෙක්. රට වශයෙන් ගත්තොත් ශ්‍රී ලාංකිකයෙක්. සමීර, අපේ ජාතිය සිංහල. ජාතිය ශ්‍රීලාංකික නොවෙයි උපන් රට ශ්‍රී ලංකාව. සිංහලකමයි ශ්‍රී ලංකාවයි එකට බැඳුන නම් දෙකක්. සුලු ජාතියින් සමග මහා ජාතිය සමකරන්න සිංහලයා ශ්‍රී ලාංකික කොරන්න හදනවා.

:       0       0

sam Tuesday, 23 July 2019 06:43 AM

මේ වගේ රට සහ ජාතීන් ගණනාවකටම බලපාන තීරණයක් තනිවම ගන්න මේ දෙදෙනාට ඇති බලතල මොනවාද? සාමාන්‍යයෙන් මෙවන් දෙයක් එක්කෝ රටේ චන්දයකදී ප්‍රතිපත්ති ප්‍රකාශයට එක්කරනවා නැත්නම් අඩු ගණනේ ගැසට් කරනවා, මෙහි ස්තීරභාවය කුමක්ද කියලා කවුද දන්නේ. මේ ඇත්තක් නම් මින් පසු ලංකාවේ ජනගහනය ජාතිය (ethnic group) වශයෙන් දැනගන්න ක්‍රමයක් තිබෙනවද?

:       0       5

Bamunuarachchi Thursday, 25 July 2019 02:12 PM

කාටද ආඩම්බර.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1237 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 169 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 374 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site