




(කුෂාන් ජයවර්ධන )
ඉතා දුර්ලභ ඝනයේ ඇලි පිඹුරකු රිටිගල වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ.
රිටිගල වනසත්ව අඩවියට අයත් දුටුවැව ප්‍රදේයේ වගාබිමකට පැමිණ සිටියදී එම වගාබිම් හිමිකරු විසින් කරන ලද දැනුම් දීමක් අනුව එම ඇලි පිඹුරා රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.
දිග අඩි අට හමාරක් පමණ වන එම පිඹුරා වයස අවුරුදු 10-12ක් පමණ වන ගැහැණු සතෙකු බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති.
අදාළ පිඹුරා සෞඛ්‍ය තත්ත්ව පරීක්ෂාවක් සදහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයට යොමු කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ අතර වෛද්‍ය උපදෙස් හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් අනුව එම ඇලි පිඹුරා සුදුසු ජාතික උද්‍යානයක් වෙත මුදා හරින බව වනජීවී නිලධාරීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඇලි පිඹුරා කියන්නේ.?
මෙම සත්වයාට කළු දිවියාට මෙන් වනජීවී කාර්යාලයේ නිලධාරීන් සිය බාරයට ගෙන අකල් මරණයක් අත් නොවේවා.!
මේ සතාවත් මරයිද දන්නේ නැහැ.?
වනජීවී ආයතනයේ යහපත් ක්‍රියාව මම අගය කරමි. ඔබලාට ජය
වනජීවී එකේ බාරයට සතෙක් ගියා කියන්නේ ඉතින් ඌට ආයේ ජීවත් වීමක් නෑ කියන එක. මෙ වග මුලු ලංකාවම දන්නවා.