(ප්‍රසන්න පත්මසිරි)
‘පිවිතුරු දියදහර‘ වැඩසටහන යටතේ ජලපෝෂක ප්‍රදේශවල පැල ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනෙහි බදුලු ඔය දෙපස පැළ 1,000ක් රෝපණය කිරීම අද(8) සිදු කෙරිණි.
පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
බදුල්ල නගරය ආශ්‍රිතව හිගුරුගමුව ප්‍රදේශයෙන් ගලා යන බදුළුඔය දෙපස පාසල් සිසු සිසුවියන් ඇතුළු රාජ්‍ය ආයතන වල හා ස්වේච්ඡා සංවිධාන වල නිලධාරින් එක්ව කුඹුක්, මී, පුවක්, කරද ඇතුළු පැල වර්ග රාශියක් සිටුවිය.
මෙම අවස්ථාවට සහභාගී වූ ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ආනන්ද විජිත කුමාර මහතා ඇතුළු නිලධාරින්ද, විදුහල්පතිවරු ,පාසල් සිසු සිසුවියෝ ඇතුළු ස්වේච්ඡා සංවිධානවල පිරිසක්ද සහභාගී වී සිටියහ.





COMMENTS
ගම්වල ළමයින් විතරයි මේ ඔක්කොම කරන්නේ. කොළඹ හතේ ළමයින්ගේ වටිනාකම වැඩි ඇති.
බොහොම හොඳ සත් ක්‍රියාවක්... අපේ අනාගත දරු පරපුරවත් ගහකොළට ආදරය කරන පුරවැසියන් වෙනවා දැකීමට හැකිනම් කොතරම් සුන්දරද? සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!
හරියටම හරි, උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කිව්වා වගේ.. ගමේ එකාට හැමදාම රට රකින්න, කොළඹ අයට බීච් පාර්ටි... හොඳයි හොඳයි දුවේ පුතේ ගස්ටික හිටුවලා වතුරදැමිල්ල හොඳට බලාගන්න.