(හැටන් සුදත් එච්. එම්. හේවා)
ජගත් පරිසර දිනයට සමගාමීව නුවරඑළිය නගරයේ අලංකාරය උදෙසා පැල සිටුවීමේ වැඩසටහනක් රාජ්‍ය දැව සංස්ථාව මගින් අද (08) සිදු කරන ලදි.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ සංකල්පයක් මත මෙය සිදුකළ අතර මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. ආර්. බී. පුෂ්පකුමාර, නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න යන මහත්වරු ඊට එක්වූහ.
මෙම පැල සිටුවීම නුවරඑළිය නගරයේ මාර්ගය දෙපස සිදු කළ අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාවද එක් විය.




COMMENTS
ඉතාම හොද අනාගත ආයෝජනයක්. සහභාගී වු සැමට පිං. උත්සව නැතිව වැඩ කිරීමට හැකිනම් මොනතරම් සුන්දරද මහජන මුදල් නේද මේ සෑම දෙයටම වැයවන්නේ..
මේ අකේශීය පැල නේද? හිටවන එකේ නුවරඑලියට ගැලපෙන ඒවා හිටවන්න බෑනේ මෙයාලට.
වැසි වනාන්තර කප කපා පාරවල් අයිනේ ගස් හිටවනවා . අඩු ගානේ අදාළ පරිසරයට සුදුසු ඒවාද කියල වත් හෙවිල්ලක් නැහැ . ඊලගට මහා පාර අයිනේ හිටවන ගස් වල මුල වැහෙනකල් වත්කරනවා තාර . හිටවපු ගහ අඩුම ගානේ ඊලග පරිසර දිනය එනකල් වත් පවතින්නේ නැහැ . හැබැයි මේ හිටවිල්ලට හොද ගානකුත් යට කරලා කට්ටියගේ සාකුත් පුරවා ගන්නවා .. පුදුම විහිලු තමයි ..