(චමිල් රූපසිංහ)
මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් මධ්‍යම පළාත තුළ සිදු නොකරන බවත් මධ්‍යම පළාත් කාර්‍යාලය තුළ ජනාධිපතිවරයාගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය හෙට වනවිට ආණ්ඩුකාර කාර්‍යාලය තුළ තිබීම අවශ්‍ය බවත් ආණ්ඩුකාර ධූරයේ අද (11) වැඩ භාරගත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.
මධ්‍යම පළාතේ 12 වැනි ආණ්ඩුකාරවරයා ලෙස නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මහා සංඝරත්නයේ සහ ආගමික නායකයෝ ඉදිරියේ වැඩ භාරගත් අතර ආණ්ඩුකාර ලේඛම් බණ්ඩාර තෙන්නකොන් මහතා වෙත නිල වශයෛන් රාජකාරි ලිපිය භාර දුන්නේය.
වතුකරයේ ඇති මත් ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බවත් ලංකාවේ හොඳම පොලිසිය මහනුවර පොලිසිය බවත් තමන් කොළඹ දක්වා පා ගමනකින් ගමන් කරමින් සිටියදී තමාවත් අත්අඩංගුවට ගත් පොලිසිය මහනුවර පොලිසිය බවත් එවන් පොලිසියකට මධ්‍යම පළාත තුළ මත් ද්‍රව්‍ය උවදුර නැති කිරීමට සහයෝගය දෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.
COMMENTS
අගමැතිතුමාගේ පින්තුරය එල්ලන්නද කියලා මහනායක ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් අරගෙනද ඔය ප්‍රකාශය කරන්නේ?
ඕවා නෙමේ රටේ ජනතාව බලන්නේ වැඩ.. ෆොටෝ බලන්න මැතිවරණය ආවාම පුළුවන්...
මධ්‍යම පළාතට තියෙන ලොකුම අඩුව අගමැතිගේ පින්තූරය. මේ වගේ අය පත්කරන අයගේ මොලේ පරික්ෂා කරන්න ඕනේ...
තවත් පන්දම්කාරයෙක් වෙන්නැති...
ආණ්ඩුකාරයෙක් පත් කරන්න ඡායාරූප බිත්තිවල එල්ලන්න නෙවෙයි. ඔබතුමාට ගොඩක් වැඩ තියනවා කරන්න...
මෙමගින් අදහස් වන්නේ රජයේ ආයතනවල කවටයින්ගේ පින්තූර ප්‍රදර්ශනය කළ යුතුයි කියා නොවේද? එසේත් නැත්නම් අපායේ එල්ලා තිබෙන පින්තුර රැගෙන එන ලෙස විධානයක් නොවේද?
බුදු අම්මෝ, ආණ්ඩුකාරයෙකුට තියෙන වැඩ කන්දරාව. පින්තුර එල්ලන්නයි, ඒවාට දුම් අල්ලන්නයි, දණින් වැටිලා වඳින්නයි, කප්පරක් වැඩ, පව් අප්පා...
මැදරට ලොක්කා " සැමදාටම " මෛත්‍රී මෙමාය.... ඉල්ලුවේ මොකද පින්තුරය සූත්තර පුංචාගේ... හිතුවද නැවත මිරිකන්නට සුත්තර පුංචාගේ... " ලැමිනේට්" කර ඇත සියල්ල සුත්තර පුංචාගේ...
මීට දවස් කිහිපයකට පෙර අවස්ථාවක මම පැහැදිලිව ලිව්වා මේ වහල් මානසිකත්ව දේශපාලනය ගැන. මේ මජර දේශපාලනය තියෙන තුරාවට අපිටවත් රටටවත් කිසිම සෙතක් නැත. අපි නැවත පුද්ගලයෙක් බලයට ගෙනෙන විට ඔහුගේ හෝ ඇයගේ සමාජ බැදීම් ගැන පවා සිතන්නට වෙනවා. පුද්ගලයෙක් වශයෙන් ඔහු/ඇය හොද වුනත් (ඉතා කලාතුරකින්) වට පිටාව නොහොද නම් ඔහු/ඇය ද මේ තත්වයට පත්වෙනවා නොඅනුමානයි. උඩුගං බලා පිහිනන අය දේශපාලනයේ දකින්නට නැත.
අගමැතිගේ මූණත් තහඩුව දැක්කොත් මිනිස්සුන්ට දවසම කන්නත් නැහැ. ඔය මගුල් එල්ලන්නේ නැතුව ආයතනයක් පවත්වාගන යන්න බැරිද? ජන නායකයන්ගේ මූණත් තහඩුවලින් තොර රජයේ කාර්යාල ඇති රටක් බිහිකරමු. ඔය මගුල් පින්තූර එල්ලන්න, ගලවන්න ගිහින් කී දෙනෙක් මරා ගන්නවද?
කුමන්ත්‍රණයට හවුල් වී (මේ ඉන්නේ අර නාමල් කුමරගේ නීතිවේදී මහතා) එය හබක් වූ විට එය වසා ගන්නට ගහන කදිම උප්පරවැට්ටියක් වගේ...
බ්ලොග්කරුවනි, කරුණාකරලා ඔබතුමා, උතුමා, අතිගරු වැනි වර්ණනාවන් නමට කලින් දාන්න එපා. එවැනි පදවලට මේ අය සුදුසු නැත. මේ අයට ගරු බුහුමන් කරන්න එපා. මෙවැන්නන්ට එවැනි වර්ණනා පද යෙදූවිට ඔබ නිතැතින්ම මොවුන්ගේ වහල්ලු බවට පත්වීම පිළිගැනීමකි. අයි බැරි ඔහු, මෙයා, එයා , මොහු වැනි වදන් යොදන්න. ඔබගේ පෞරුෂය පාවාදෙන්න එපා. ලෝකයේ බලවත්ම රටේ ජනාධිපති පවා අමතන්නේ "මිස්ටර් ප්‍රසිඩන්ට්" කියලයි. ඒ මිනිස්සු මේ වගේ සත්තු නෙවෙයි.
රට ගැන නොදන්නා මෝඩයෝ මොනවා කීවත් මෙතුමා ඉතාමත් හොඳ කෙනෙක්... හොඳ තීරණයක්...
රනිල් මහත්තයව පතුරු ඇරපු පිනට මෙයාටයි, අසාද් සාලිටයි, කැෆේ මුදලාලිටයි ආණ්ඩුකාරකම ලැබුනේ. එතකොට රනිල් අගමැතිතුමාගේ පින්තුරේ ඔතන තිබුණෙම නැද්ද?