ඉන්දියාවේ ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවයේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර ඇත.
ණය ගෙවීමට නොහැකිව අර්බුදයකට මුහුණ දී සිටින ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවය තවදුරටත් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අරමුදල් ඉල්ලා සිටියදී එම මුදල් නොලැබීම නිසා සියලු මෙහෙයුම් කටයුතු නවතා දමන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“ජෙට් එයාර්වේස් ගුවන් සමාගමට එහි ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට සිදුව තිබෙනවා. අවසන් ගුවන් ගමන අදට යෙදී තිබෙනවා” යැයි එම ගුවන් සේවය තවදුරටත් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
COMMENTS
කණගාටුවෙන් වුවද, ඕක තමා ශ්‍රී ලන්කන් එකටත් කල යුතු දේ.
වෙනත් කුඩා රටවල් වල ගුවන් සේවාවන් අවුල් කරන්න පාඩුවට ගුවන් ගමන් පවත්වාගෙන ගිය එකේ පාපේ තමයි ඔය ගෙවන්නේ. දැන්වත් අපේ අයට අපේ ගුවන් සේවේ ලාභ ඇතුව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද බලමුකෝ.
මෙම ව්‍යාපාරයේ කොටස් කරුවන් බොහෝ දෙනෙක් හින්දි සිනමාවට සම්බන්ධයි. ආදිත්‍ය චොප්රාට මෙහි සැලකිය යුතු ප්‍රමාණාත්මක කොටසක් සතුයි.
මේකයි, ශ්‍රී ලන්කන් එකයි කියන්නේ අහසට, පොළව වගේ වෙනස් ගුවන්යානා 124ක් සහ කාර්ය මණ්ඩලය 21000ක්. අනික මේක පුද්ගලික එකක් නේ..