
(යාපනය ප්‍රදීප් කුමාර)
යාපනය තෙන්මරච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුව ඉදිරිපිට පිරිසක් අද (08) සත්‍යග්‍රහයක නිරත විය.
මෙම සත්‍යග්‍රහය දෙමළ සංධාන අපේක්ෂිකා සෂිකලා රවිරාජ් මහත්මියගේ ආධාරකරුවන් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අතර ඔවුන් පවසා සිටියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම අපේක්ෂිකාවට අයුක්තියක් සිදුව ඇති බවයි.
මෙහිදී රවිරාජ් මහතාගේ පිළිරුවේ මුහුණ කොටස කළු රෙදි කඩකින් ඔතා දෑත් හා දෙපා දෙමළ ජාතික සංධානයේ ධජයේ වර්ණයට සමාන වර්ණයන්ගේ රෙදිවලින් ඊයේ (07 බැඳ දමා තිබූ අතර එම ප්‍රතිමාව ඉදිරිපිට මෙම පිරිස මෙසේ සත්‍යග්‍රහයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු තමයි.
අසාධාරණයක් වුණා නම් උසාවි යනවා නිකන් බයිලා ගහන්නේ නැතුව. මේ හදන්නේ ලෝකෙට පෙන්නන්න ඡන්දේ සාධාරණ නෑ කියලා.. පිස්සු..
මේ පාර හොර කරගන්න බැරි වෙන්න ඇති. පුල්ලි පේනවා..
ඉස්සරහාම වාඩිවෙලා ඉන්නේ ප්‍රභාකරන්ද?
අනේ ඇයි මේ නංගිලා මල්ලිලා නිකන් අව්වේ වේලෙන්නේ...? ඔය විස්තර ටික සුවිස් තානාපති කාර්යාලයට හරි වෙනත් යුරෝපා රටක තානාපති කාර්යකයකට ගිහින් කිව්වා නම් අඩු වශයෙන් සරණාගතයෙක් ලෙස වීසා එකක් අරගෙන ගිහින් ඒ රටවල ඉන්න පුළුවන්.. යන්න... ගිහින් කියන්න ඒ අයත් මගබලාගෙන ඉන්නේ එහෙම වැරදි කියාගෙන එනවාට...