තරිදු ජයවර්ධන
අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු අධ්‍යක්ෂ තනතුර සඳහා කර්නල් මංජුල කාරියවසම් මහතා බඳවා ගත්තේ සම්මූඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ගැසට්පත්‍රයේ පළ කිරීමෙන් හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීමකින් තොරව බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකදී අනාවරණය වෙයි.
එම තනතුර සඳහා සුදුස්සකු තෝරා පත් කර ගැනීමට අදාළ දැන්වීම ආයතන පහක දැන්වීම් පුවරුවල පමණක් ප්‍රදර්ශනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ බව ද, අදාළ සම්මූඛ පරීක්ෂණයට සහභාගී වී ඇත්තේ කර්නල් මජුල කාරියවසම් මහතා සහ කේ ඩබ්ලිව් මිහාල් සෝමවර්ධන නම් දෙදෙනකු පමණක් බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කළේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයකදීය. අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු) තනතුර සඳහා නිලධාරියකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලූ තොරතුරු ලබා නොදීම ගැන එම අභියාචනා විභාගය පැවැත්විණි.
එම තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් සකස් කරන ලද ක්‍රමවේදය 2017 ජුනි 22 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එවා ඇති අතර 2017 ජූලි 03 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එය අනුමත කර යළිත් අමාත්‍යංශයට යවා තිබේ. එහි සඳහන් වන්නේ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් හෝ ප්‍රසිද්ධ දැන්වීම් පළකිරීමෙන් හෝ වෙබ් අඩවියේ පළ කිරීම මඟින් අයදුම්පත් කැඳවිය යුතු බවයි. නමුත් අධ්‍යාපන අමාත්‍යංශය අයදුම් පත් කැඳවා ඇත්තේ අදාළ දැන්වීම ආයතන පහක දැන්වීම් පුවරුවල පළ කිරීමෙන් පමණක් බව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ දී හෙළිදරව් විය.
මෙම තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට අදාල දැන්වීම් තම ආයතනයේ දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන ලෙස 2017 ජූලි 21 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ (පාලන හා මුදල්) අත්සනින් ඉල්ලීමක් කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන්, ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂගෙන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම්ගෙන්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්ගෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) යන ආයතන ප්‍රධානීන්ගෙන්ය. තනතුරට දැනට බඳවා ගෙන සිටින පුද්ගලයා මෙම ආයතන එකක්වත් නියෝජනය නොකරන බව ගුරු සංගම් පවසයි.
අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු) තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා කාලය වසර තුනකි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා බඳවාගෙන ඇත්තේ සම්මත ක්‍රමවේදයෙන් බැහැරවයි
කරු Tuesday, 04 December 2018 08:53 PM
මෙන්න යහපාලනය ගේනවා කියන ඇමතිවරුන්ගේ ක්‍රියාකාලාපය. මෙම මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ ලේකම් නේද? වගකීම් විරහිත ලෙස හිතවතුන් මෙම උසස් තනතුරට පත් කර අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හෑල්ලූ කලේ මෙම මන්ත්‍රී (හිටපු අධ්‍යාපන ඇමති) ගේ යහපාලන ක්‍රියාදාමය නේද?
චමින්දThursday, 06 December 2018 04:42 AM
කරු මෙය මේ රටේ ජනතාවගේ කරුමෙ මේ කරුම තත්වය 1970 න් පසුව ඇතිවුණේ. එතෙක් සුදුස්සාට සුදුසුතැන තිබුණා. ඩඩ්ලි මැතිදුගේ පරාජයෙන් පසු මේ කරුමය අතිවුණා ..............
Cisco Wednesday, 05 December 2018 03:01 AM
කොහොමද අකටයුතුකම්?
sudda Wednesday, 05 December 2018 05:29 AM
මෙය අකිලගේ නෑයෙක්ද? යාලුවෙක්ද? කියල ඔය පත්වීම දෙනකොටත් කතාවක් ගියා.