IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ වැටුප ලක්ෂ 32ක් - තොරතුරු කොමිසමේ දී හෙළිවේ

තරිඳු ජයවර්ධන

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයක දී අනාවරණය විය.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතා ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ඇමෙරිකානු ඩොලර් 23568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී  ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇතැයි ද එහිදී අනාවරණය විය.

ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ සහ ප්‍රධාන වෙළෙඳ නිලධාරීගේ වැටුප් හා වෙනත් දීමනා දල ශ්‍රී ලංකා ගුවන් සේවය ආශ්‍රීත වෙනත් තොරතුරුද ඉල්ලමින් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ගොනු කළ අභියාචනයක් විභාග කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය විය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිලල එහි සාමාජිකයන් වන විනිසුරු රෝහිනී වල්ගමල ජ්‍යෙෂ්ඨ නීතීඥ ක්‍රිෂාලි පින්ටො ජයවර්ධනල ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්රටන් යන මහත්ම මහත්මීන් ඉදිරියේ මෙම විභාගය පැවැත්විණි.

අභියාචනය යොමු කළ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු නීතීඥවරු පස් දෙනෙක් පෙනී සිටියහග ශ්රීඇ ලංකන් ගුවන් සේවය වෙනුවෙන් නීතීඥ ආචාර්ය ශිවාජි ෆීලික්ස් පෙනී සිටියේය.

අභියාචනය යොමු කළ ගුවන් නියමුවන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති කපිතාන් රුවන් විතාවගේල කපිතාන් මලික් ලතීෆ් සහ එස් එම් කංකානම්ගේ යන මහත්ම මහත්මීහු පෙනී කොමිසමට පැමිණ සිටි අතර ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ නීති අංශයේ සමූහ ප්‍රධානී එම් ඒ රණසිංහ සහ සමූහ නෛතික කටයුතු කළමනාකාරිනී ශියාරා සෙල්වමුත්තු මහත්මිය පැමිණ සිටියහ.

ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරී, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ සහ ප්‍රධාන වෙළඳ නිධාරීගේ වැටුප් සහ වෙතන් දීමනාද, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ පකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවය අතර සිදුවූ ලිපි හුවමාරුවට අදාල ලියැවිලි දල එම සමාගම් දෙක අතර එළැඹි ගිවිසුම සහ ඊට අදාල ලියැවිලි දල විධායක පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් පාර්ශ්වයන්ට දැරීමට සිදුවූ පිරිවැයට අදාළ තොරතුරු ද ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ඉල්ලා තිබිණි.

මෙම තොරතුරු ඉල්ලමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ   තොරතුරු නිලධාරියාට තොරතුරු ඉල්ලුමක් යොමු කිරීමෙන් පසු ඔහු ඉල්ලුමෙන් තොරතුරු කිහිපයක් පමණක් ලබා දුන් බවත්ල ඉන් පසු නම් කළ නිලධාරීට අභියාචනා කිරීමේදී ද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් කියමින් ගුවන් නියමුවන්ගේ සන්සදය තොරතුරු කොමිෂන් සභාවට අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී  ලංකා ගුවන් සේවය කලකට ඉහත ලෝකයේ හොඳම ගුවන් යානා සේවාවන් 10න් එකක් ලෙස නම් දරා සිටියත් වර්තමානයේ සිදුවන කළමනාකරණ අක්ර0මිකතා සහ දූෂණය නිසා එය ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති බවත්, සමාගම වාර්ෂිකවම සැලකිය යුතු අලාභ තත්ත්වයකට ගොදුරු වී ඇති බවත්, පකිස්තාන ගිවිසුමේ එරට අත්සන්කරු අපරාධ විමර්ශනයකට ලක්ව ඇති නිසා එම ගිවිසුම අවලංගු කර ඇති බවත් අභියාචකයන්ගේ පාර්ශ්වයේ නීතීඥවරු පෙන්වා දුන්හග  ඉල්ලා ඇති තොරතුරු මහජන සුභසිද්ධියට අදාළ කාරණයක් සේ සලකා නිකුත් කරන ලෙස ද නීතීඥවරු ඉල්ලා සිටියහ.

ශ්‍රී  ලංකන් ගුවන් සේවය මූලික විරෝධයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ එම ආයතනය තොරතුරු පනතට යටතට නොගැනෙන බවයිග කෙසේ වෙතත් තොරතුරු කොමිෂන් සභාව එම විරෝධය ඉවත දමමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තොරතුරු පනතේ 43 වගන්තේ ගැනෙනි පොදු අධිකාරියක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව පැවැති දීර්ඝ විභාගයකින් පසු  අදාළ තොරතුරු මහජන ශුභ සිද්ධියට හේතුවන නිසා මුදා හරින ලෙස තොරතුරු කොමිසම නියෝග කළේය.

එලෙස නිකුත් කළ තොරතුරුවලින් අනාවරණය වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් 3.270.000ක් බවයි. එම වැටුපට අමතරව  ආයතනයෙන් වාහනයක්, රියදුරෙකු, සම්පූර්ණ තෙල් වියදම ඇතුළු  දීමනා රැසක් ලැබෙන බව ද අනාවරණය විය.

ආයතනයේ මානව සම්පත් කළමනාකාර ප්‍රධානීගේ මූලික වැටුප රුපියල් 998.004ක් බවත්ල දුරකතන දීමනා ලෙස 3500ක් සහ විනෝදාත්මක දීමනා ලෙස රුපියල් 12000ක් ලැබෙන බවත් මසකට තෙල් ලීරට 340ක් ලැබෙන බවත් තොරතුරු කොමිසමේදී අනාවරණය විය.

ආයතනයේ ප්‍රධාන වෙළඳ නිලධාරීගේ මූලික වැටුප ලෙස බ්රිදතාන්යල පවුම් 9500ක් හෙවත් රුපියල් ලක්ෂ 19ක් සඳහන් වී තිබි. ඊට අමතරව උපරිමය 250.000කට යටත් නවාතැන් දීමනාල වාහනයක්, රියදුරෙක්, සම්පූර්ණ ඉන්ධන දීමනා ඇතුළු වෙනත් පහසුකම් ද හිමිවේ.

පකිස්තාන අන්ර්ජාතික ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ඇති කර ගත් ගිවිසුම්ල ගිවිසුම් අවලංගු කිරීමෙන් ඇතිවූ පාඩුව ඇතුළු විස්තර ද ශ්‍රී  ලංකන් ගුවන් සේවය තොරතුරු කොමිසමට ලබා දී තිබේ.   එසේම සංවේදී තවත් තොරතුරු කිහිපයක් සංස්කරණයකින් පසු කොමිසමේ අනුමැතියට යොමු කර තිබේ.

 

 



අදහස් (18)

ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ වැටුප ලක්ෂ 32ක් - තොරතුරු කොමිසමේ දී හෙළිවේ

K Perera Thursday, 19 July 2018 05:01 PM

මේක මහා අපරාදයක්! බැදුම්කරයට වඩා භයානක වගේ පෙනෙන්නේ! ඉතින් කොහොමද මේ ආයතනය ලාභ ලබන්නේ? මේ ආණ්ඩුව නිදිද?

:       86       1012

sanath Thursday, 19 July 2018 05:16 PM

මගේ සම්පූර්ණ වැටුප අවුරුදු 3 ක් එකතු කලොත් ලක්ෂ 36 ක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඒ වුනාට මට ලැබෙන වැටුප හොඳටම ඇති.

:       0       138

jaseem Thursday, 19 July 2018 06:25 PM

මේක හරිම අසාධාරණයක් මේවා කාගේ මුදල්ද ශ්‍රී ලංකන් හැමදාම පාඩු

:       30       632

dil Thursday, 19 July 2018 09:41 PM

කෝ මේ දුෂණ වංචා ඒකකය! විශාල වැටුපක් එක් පුද්ගලයකුට ගෙවීම ගැන සැක සහිතය.අනිවර්යයෙන් යේ 20 සේ කැලි බලවත් උදවීයට බේදී යන වා හැක. වහාම මොහු ගේ බැංකු ගිණුම් චෙක් පත් විමර්ශනය කල යුත ය. අහිංසක මිනිසුන්ගේ දහදීය මාහාන්සියෙන් හම්බ කරපු බදු මුදල් නේද මේ.

:       88       186

ජගත් ලියනගේ Thursday, 19 July 2018 09:55 PM

මටනම් හිතෙන්නේ තව වැඩි කළ යුතුයි කියල . පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ගෙ ගාණට ගේන්න ඕනේ .

:       0       83

rasika Thursday, 19 July 2018 09:57 PM

එහෙම ගෙව්වත් කමක්න ලබා ලබනවනම්. ශ්‍රී ලන්කන් පාඩු ලබනවා කියන්නේ මොවුන් අසාර්ථකයි කියන එකනේ. අනෙක මේ ලංකාවේ. ප්‍රතිශතයක් විදියට ගත්තොත් සාමාන්‍ය අදායම වගේ කීගුනයක්ද? කවුද මෙයාලව පත්කරන්නේ. ගිය ආණ්ඩුවේ වැරදීම කියවනකම්.. මේවා ගැන හොයල බලන්නේ නැද්ද?

:       0       127

Ranjith Thursday, 19 July 2018 11:38 PM

කෝ මේ දේශීය අදායම් කොමසාරිස් ....

:       0       80

පිටිගල මිලානෝ Friday, 20 July 2018 12:24 AM

හොරු අල්ලන්න අපේ මෝඩයොත් ගැහුවනෙ කතිරේ. නාගානන්ද මහත්තයාට රට බාරදෙමු.

:       72       140

Mahee Friday, 20 July 2018 01:01 AM

ලංකාවේ හැම ආයතනයකම වගේ මුල් පුටුවලට පත්වෙන අය හදන්නෙම පුළුවන් තරම් ගසා කන්න. බය වෙන්න දේකුත් නැහැ, ලොක්කෙකුගේ කුස්සියේ වළං හේදුවහම ඔක්කොම යට යනවා. මේක විගනකාධිපතිට යටත් නැති ආයතනයක් නේද?

:       0       46

nihal Friday, 20 July 2018 01:44 AM

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

:       0       34

Perakum Friday, 20 July 2018 02:36 AM

ඒ කාලේ මස්සිනාට දීපු වරප්‍රසාද දිගටම යනවා වගෙයි. එදා බැරි උනාට දැන් ගුවන් නියමුවන්ගේ සංසදය බය නැතුව කතා කරනවා. එකත් ලොකු ජයග්‍රහණයක්.

:       2       141

suran Friday, 20 July 2018 03:22 AM

වර්තමානයේ විදුලි සංදේශ පැත්තේ මාසෙට ලක්ෂ සියයට වැඩිය මුලික වැටුපක් ගන්න කට්ටිය ඉන්නවා.

:       27       59

Chandima Friday, 20 July 2018 04:17 AM

අනේ අර බ්‍රිතාන්‍යය ජාතික පීටර් හිල් මහතා කොච්චර හුරුබුහුටි විදියට මනා අවබෝධයෙන් ඔය ශ්‍රී ලන්කන් එක හොඳට ලාභ ලබමින් කරගෙන ගියාද? ඒ මනුස්සයව එලෙව්වා. එකක් අපි හොඳට මතක තියාගන්න ඕනි. අපේ කියන මිනිස්සුන්ට පඩි ගත්තට වැඩ නම් බැරි මොකද දන්නවද, මේ අය අදාල වෘත්තීය සුදුසුකම් ඇති අය නොවන නිසා.

:       0       17

thusitha Friday, 20 July 2018 05:19 AM

ජනතාවට මොලයක් නැති වුනහම ඔහොම තමයි ඕනෑම කෙනෙක් මන්ත්‍රී කෙනෙක් පසුපස යන්නේ ඔය වගේ වැඩි තණ්හාවට තමයි

:       0       21

Sampath Friday, 20 July 2018 05:39 AM

අපේ රට කවදාවත් ගොඩ ගන්න නම් බැහැ මේ වාගේ මිනිස්සු ඉන්න තාක්

:       0       16

kalani Friday, 20 July 2018 06:23 AM

කෙනෙක් විශාල වැටුපක් ලබන්නේ ඔහුගේ විෂය පිලිබඳ දැනුම සහ කාර්ය සාධක නිපුනතාවය පදනම් කර ගෙනය. එහෙත් ඔහුගේ නිපුණත්වය අදාළ ආයතනයේ ඵලදායකත්වය සඳහා නොලැබේ නම් හෝ ප්‍රයෝජනවත් නොවේ නම් ඔහු තවදුරටත් අදාළ ආයතනයේ නො සිටිය යුතුය. ආයතනය දිගින් දිගටම පාඩු ලබන්නේ නම් ඔහු ගෞරවනීය මහත්මයකු ලෙස ඉවත් විය යුතුය. මෙවැනි අවම මානව ධර්මතා නොසලකන කෙනෙකු මෙවැනි ආයතනවල රඳවා ගන්නේ වගකිව යුතු නායකයින්ගේ දුර්වලකම නිසා හෝ ඥාතිත්වය නිසා විය යුතුය. ජනතාවගේ මුදල් කිසිදු වගකීමක් නැතිව අවභාවිතා කිරීම අපරාධයකි. දුෂ්ටකමකි.

:       67       60

Shiran Friday, 20 July 2018 09:20 AM

නිකන් බොරු එපා....

:       10       0

isurandi Saturday, 21 July 2018 04:47 AM

ආයතනවල , සමාගම්වල ලාභ ලබන්නනම් ඔය ඉහල මුල් පුටුවලට විදේශයකින් ක්ෂේත්‍ර පිළිබද මනා දැනුමක් තියෙන අයව තෝරා පත්කර ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 560 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 385 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 3381 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2924 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1353 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3587 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 137 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1314 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 337 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site