
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ එන්සාල් සහ කහ කිලෝ 500කට ආසන්න තොගයක් යුද හමුදා බුද්ධි ඒකකය කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේදී අද (8) අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව කියයි.
මෙම කහ සහ එන්සාල් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව කියයි.
මෙම කහ සහ එන්සාල් තොගය ධීවර යාත්‍රාවකින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙන ඇති බව යුද හමුදා බුද්ධි අංශ කියයි.
එසේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආ කුළුබඩු තොගය ආනවාස කලපු තීරයට රහසිගතව රැගෙන විත් ඇති බව කියයි.
මේවා රැගෙන ආ ධීවර යාත්‍රා හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම යාත්‍රාවේ ගමන් කල අනිත් ධීවර කාර්මිකයින් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට නියමිත බව කියයි.
මෙම එන්සාල් හා කහ තොගය සමග ධීවර යාත්‍රා හිමිකරු හා යාත්‍රාව කල්පිටිය පොලිසියට බාරදීමට නියමිතය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.