(රංජන් කස්තුරි)
රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවද එම අමාත්‍යාංශය පවසයි.
රජය 2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමටද තීරණය කළේය.
ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 - 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබිණ.
රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 - 10,000 අතර ප්‍රමාණයක් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
COMMENTS
ප්‍රශ්නයක් නැහැ. අපි බදු ගෙවනවානේ....
ගොවියෝ කම්කරුවෝ මුකුත් නැ. ඇයි ඒ මිනිස්සු නෙවේද
මේ කියන්නේ දීමනා විදිහට දීපු පඩිය මූලික වැටුපට එකතු වෙනවා කියන එකයි. අතිකාල එහෙම කරන අයට වාසියි.
ලෝකෙට මිලියන ගනන් ණයලු.. එ අස්සෙ පඩි වැඩිකරනවලු..
ඡන්දය නිසා දෙන දේවල් මොකද රජයේ විදෙස් ණය සහ ඩොලරය ඉහළ යන විට මේක කරන්න අමාරුය. පස්සේ අායෙමත් බඩුමිල සහ ඩොලරය වැඩිවීම වළක්වන්න බෑ...
ගියවතාවේ පඩි වැඩි කලායින් කීයක් දැන් ඉතිරි කරනවද? දැන් තවත් පරිප්පුවක් දෙන්න යන්නේ. පඩි වැඩි කරන්න එපා. බඩු මිල අඩු කරන්න. එ් අැති... බොරු කරන්න එපා. දැන් ඕවට රැවටූ කාලය ඉවරයි.
ගියවතාවේ පඩි වැඩි කළායින් කීයක් දැන් ඉතිරි කරනවද? දැන් තවත් පරිප්පුවක් දෙන්න යන්නේ... පඩි වැඩි කරන්න එපා. බඩු මිල අඩු කරන්න. එ් අැති. බොරු කරන්න එපා. දැන් ඕවට රැවටූ කාලය ඉවරයි...
මුළු රටම රාජ්‍ය සේවකයින් වුනා නම් කොච්චර ශෝක්ද? රජයේ ආයතනවලට අතොරක් නැතිව බඳවා ගෙන සිටින දේශපාලන ගැත්තන්ට, පිං පඩි ගෙවන්නේ, දේශපාලකයින්ගේ පොකට්ටුවෙන් නිසා, අපිට නම් ගානක්වත් නැහැ අනේ? අපරාදේ, ඉස්කෝලේ යන්න නහස්ති කළ කාලේ.., දේශපාලකයෙකුගේ පසුපස ගියා නම්, හොඳ පිං පඩියකට උසස්වීමකුත් ලබාගන්න තිබුණා. (රටක පැවැත්මට අත්‍යාවශ්‍ය සැබෑ රාජ්‍ය සේවකයින් වැරදි තොප්පිය ඔලුවට දමා ගත යුතු නැහැ මේ කතාවට, කොහොමත් සැබෑ රාජ්‍ය සේවකයින් සමෘධිමත් නැහැනේ...)
මිනිස්සු මෝඩයෝ කියලා හිතන්න එපා.. ඔයගොල්ලෝ හැරෙනකොට අපි දන්නවා ඉදිරියේ තිබෙන ඔබලාගේ පරමාර්ථය මොකක්ද කියලා... කෝ දැන් ඔයගොල්ලන්ගේ තෙල් මිල සූත්තරය.. ඉදිරියේදී මහජනතාව ඔයගොල්ලන්ට නියම උත්තර දෙයි.
මෙතන අමතර පඩි වැඩිවීමක් නැහැ. 2015 දී වැඩි වීම කොටස් වශයෙන් 2020 දක්වා සිදු කිරීමේදී වන වැඩි වීම පමණි. ඉදිරි මැතිවරණ නිසා එය හුවා දැක්වීමට ගත් උත්සාහයක්ද? පඩි වැඩිවීමට වඩා හොඳයි ජීවන වියදම වැඩි නොවන පරිදි පවත්වා ගෙන යන්න රජයන් උත්සාහ කරනවා නම්....
කොහොමද කැරට් අලේ..
මාර ප්‍රාතිහාර්යයක් මෙයා. රුපියල සියයට පහළොවකින් බාල්දු කරලා රජයේ සුළු සේවකයින්ට රුපියල් දෙදාස් පන්සියක් දෙනවා. මාරයි නේද?
දෙන දෙයක් ඡන්දයට ඉස්සෙරවෙල දුන්නොත් තමා හොඳ බොරු පොරොන්දු නැතිව ඡන්දය දුන් විශ්‍රාමික රජයේ සේවකයන් ගැනත් බැලුවොත් ඇති
වැටුප් වැඩිවීම කාලෝචිතයි. ඒ වගේම සේවකයනුත් තමන්ගේ සේවා තත්වයන් දැනට වඩා ඉහළින් මට්ටමකට ගෙනාවොත් වඩාත් කාලෝචිතයි.
1000 දීලා 5000 බදුගහලා අපිට අපා දුක් දෙන අප්‍රිය රජයක්...
අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි රජය සේවයේ කිසිම දියුණුවක් නැහැ. දෙන පඩියත් වැඩියි.
රටට වැඩක් නොකරන නිකන් කාලය කාදමන (බහුතරය) රාජ්‍ය සේවයේ පිරිසට වැටුප් වැඩිවේ. පුද්ගලික අංශයේ දුක්විඳින බදුගෙවන මිනිස්සු ඒවාටත් එක්ක වැඩ කරන්න ඕනේ... ඉතින් රටක් හදන්නේ කොහොමද? ඡන්දය ගන්න කරන විහිලු, තවත් රට ප්‍රපාතයට යනවා මේ වලින්.. මොලේ තියන මිනිස්සු රට අතැරලා යන එක අහන්න දෙයක්ද?
රාජ්‍ය සේවකයින්ට ලබාදුන් මුදලින් එම අතිරේක දීමනා මුදලින් 2500/= ද ලබා දෙන්නේ නැතිනම් අලුතින් 2500/= මූලික වැටුපට එක්කාසු කරනවාද?
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට යන්න වෙනුවට මෙය රාජ්‍ය සේවකයින්ගේ දීමනා මූලික වැටුපට එකතු කිරීමක් ලෙස පළ කරන්න. නැතිනම් මිනිස්සු වැරදිව වටහාගනීවි... ඇත්තටම මෙහිදී සිදුවන්නේ ශුද්ධ වැටුපෙහි අඩුවීමක්...
බයියනි කමෙන්ට්ස් සඳහා ඔබට ඇරයුම්....
රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම ගැන අකුල් හෙලන්නේ නැහැ. නමුත් වැටුපට සරිලන සේවයක් ඔවුන් කරනවද? එහෙමනම් රාජ්‍ය සේවය මෙතරම් පිරිහෙන්නේ ඇයි? මෙතරම් පාඩු ලබන්නේ ඇයි? වැඩිපුර සිටින්නේ පුද්ගලික අංශයේ සේවකයන්. වැඩිපුර බදු ගෙවන්නේ ඔවුන්. ඒ ගැන ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද? පුද්ගලික අංශයේ සේවකයන් වැඩිපුර සේවයක් කර සොච්චම් මුදලක් ලබන විට රාජ්‍ය සේවකයන් අඩු සේවයකට (අඩු කාලයකට) වැඩි වැටුපක් ලැබීමට තරම් සුදුසුද? මේ වැටුප් වැඩිවීමට අපි ගෙවන බදු මුදල් යොදවනකොට අපිට තව තවත් බදු ගෙවන්න වෙනවා. කිසිම පලදායි නිෂ්පාදනයක් නැතිව කිසිම ලාබයක් ලබන්නේ නැතුව වැඩිවෙන වැටුප නිසා අපි අමතර බදු ගෙවිය යුතු නොවේද? මේ කිසිම වැඩිවීමක් තමන්ගේ පුද්ගලික දනයෙන් කිසිම දේශපාලකයෙක් නොගෙවන බව අප කව්රුත් දන්නා කරුණක්. පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම පුද්ගලයෙක් මෙයට විරුද්ධව කිසිවක් ප්‍රකාශ නොකරන බව පැහැදිලි සත්‍යයක්. දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවන්නේ රාජ්‍ය සේවකයන් පමණක්ද? ආණ්ඩු පිහිටවන්න එය සෑහේද? තව ගොඩක් කරුණ ලියන්න පුළුවන් මේ ගැන. නමුත් මේ දේවල් ඔවුන් වෙත ලගා වෙනවද? අනික දේශපාලකයන්ට මේවා අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.
මේක තනිකර බොරුවක්. 2015 වැටුප් වැඩි කලාට පස්සේ තවම වැටුප් වැඩි වීමක් නෑ. මේකෙදි වෙන්නේ 2015 වැඩිකරපු රුපියල් 10,000 මුලික වැටුපට එකතුවීම විතරයි. එහෙම නැතුව නව වැඩිවීමක් නැහැ.
විශ්‍රාමිකයන්ට මොකුත් නැද්ද?
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකර බඩු මිල පහත දමලා බදු අඩු කරානම් මේ සහනය හැමෝටම සමානව ලැබෙනවා
මේක බොරු මවාපෑමක් විතරයි. ලැබෙන මුළු වැටුප එහෙමම තියෙද්දී, මූලික වැටුප විතරක් වැඩිවෙන්නේ එල්ලලා තියෙන දීමනා ටික මූලික වැටුපට හරවන එක විතරයි. රුපියල අව ප්‍රමාණය වීමත් එක්ක බලනකොට 2018 ජනවාරි වැටුපට වඩා 2019 ජනවාරි වැටුප 15% කින් අඩු වෙලා තියෙන්නේ.
පිටරට දුක් විඳින අපිට මොනවද දෙන්නේ? බැංකු ණයක්වත් දෙනවද? අපේ සල්ලි ටික නැත්නම් තෙල් ටික ගේන්නේ මොනවා දීලද? පිටරට දුක් විඳින අපි ගැන කවරුත් කතා නැහැ..
ඒක හොඳ දෙයක්. .. රජයේ සේවකයින් තමයි. හැමපැත්තෙන්ම අසරණ වෙලා ඉන්නේ..
ජීවන වියදම පාලනය නොකර පඩි වැඩි කරන එකේ තේරුමක් නෑ. එහෙම කළොත් එක අතකින් දීලා අනිත් අතින් ගන්න තමා වෙන්නේ... මොකද සල්ලි ගස් වල හැදෙන්නේ නෑ නේ. තියෙන ටිකම තමා කැරකෙන්නේ...
මේ නිවේදනයේ අදහස සම්පූර්ණ වැරදියි. මෙතැනදී සිදුවන්නේ වැටුප වැඩිවීමක් නොව සැබවින්ම අඩුවීමකි. සිදුවන්නේ මේ වනවිටත් දීමනාවක් ලෙස ලැබෙන වැටුපෙන් එම දීමනාව ඉවත් කර මුලික වැටුපට එකතු කිරීමකි...
නිශාන් සහ ලක්මාල්ට ස්තූතියි නිවරදි ලෙස මේ ප්‍රවෘත්තිය තේරුම් කර දුන්නාට. ඇත්තටම මේක බොරු මවාපෑමක් හා ඡන්ද ගුණ්ඩුවක්. මේ රජය 2015 න් පස්සේ කිසිම වැඩිකිරීමක් කලේ නෑ. කලේ රු.10000 ටික ටික වැටුපට එල්ලපු ඒක. ඒ හැම අවස්ථාවකම කියන්නේ වැටුප් වැඩිකරනවා කියලයි. බොරුවෙන් මිනිස්සු මුලා කරන්න බෑ දැං ඉස්සර වගේ. නමුත් සමහර අය ප්‍රවෘත්තියේ ශිර්ෂය දැක්ක ගමන් කලබල වෙනවා. මේක තමයි සිංහල මිනිහගේ හැටි. නොසොයා නොබලා බොහෝ තීරණ ගන්නවා අන්තිමට ඇත්ත දැනගෙන පසුතැවෙනවා.
අතට ලැබෙන මුදලේ කිසිදු වැඩිවීමක් නොමැත එයිනුත් තව ගානක් විශ්‍රම වැටුපට අඩු වේ. මුලික වැටුප විතරක් වැඩිවෙන්නේ එල්ලලා තියෙන දීමනා ටික මූලික වැටුපට හරවන නිසයි. එම නිසා රු. 10000 ක් රාජ්‍ය සේවකයාගේ අතට හිමි නොවේ. එම නිසා දීමනාවක් ලෙස හෝ රු.10000 ක මුදලක් රාජ්‍ය සේවකයාට ලබා දීමට කටයුතු කරන්න.
ගන්න පඩියට වැඩ කරන්න ඉගෙන ගන්න කලින් කල ගුණ සලකන්න ඉගෙන ගන්න. මේ මෝඩ අදහස ලියපු මනුස්සය වගේ අය ඉන්නකල් මේ රට හදන්න බ. කල ගුණ සලකන්න දෙයක් නැහැ. දෙසපලකයෝ පත්කරේ එකට තම. වැටුප් වැඩි කිරීම ගැන අකුල් හෙලන්නේ නැහැ. නමුත් වැටුපට සරිලන සේවයක් රාජ්‍ය සේවකයන් කරනවද කියන එකනම් මටත් ප්‍රස්නයක්. ඇහෙම කරනවානම් අපේ රට මෙතන තියෙන්න විදියක් නැහැ.............
මේක පත්තරේ දාන්න දෙයක් නොවේ. 2015 වැඩි කරපු 10000න් කොටසක් මූලික වැටුපට එකතු කරනවා. අළුතින් පඩි වැඩිවීමක් නෑ. මිනිසුන් රැවටීම ද මාධ්‍යයේ වගකීමයි..
ලක්මාල් කියන කතාව හරි. මේකෙදි වෙන්නේ දීමනා විදියට දෙන 10000 (මහින්ද රාජපක්ෂ 2014 එල්ලපු 3000 හා යහපාලනය 2015 එල්ලපු 7000) මුලික වැටුපට එකතු වෙන එක... මෙතැනදී වෙන්නේ දීමනා කියන කැටගරි එකෙන් අඩුවෙන ගණන, මූලික වැටුප කියන කැටගරි එකට එකතු වීම... ඉහළ විධායක නිලධාරීන්ට යම් මුදලක් වැඩිවෙනවා. පමණයි.
පඩියෙන් සියයට 50ට වැඩිය මත්පැන්, සූදු, රේස් බයි රේස්.... සුලු වැඩිවීමක් වත් අගය කරන්නේ නෑ.
පෞද්ගලික කම්පැනිවල වැඩ කරන මිනිස්සු කන බොන අය නෙවෙයිද? ඒඅයටත් බඩ කට තියෙනවා. රජයේ සේවකයින්ට මුට්ටිය ඇල්ලුවට වැඩක් නැහැ. රජයේ ඉන්නේ සුළු පිරිසක්... මෙවර ඒ ගොල්ලත් ඡන්දෙ දෙයි මෙන්න කියලා...
මේක බොරු ප්‍රචාරයක්... එකතුකළ දීමනාව මුලට එකතුකිරීමක්... මෙහිදී ඇත්තටම ශුද්ධ වැටුප අඩුවෙනවා. මේ කියන විදිය දැක්කම රජයේ සේවකයින්ට මිනිස්සු දොස් තියනවා...
මේක හොඳ ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවකයන්ට
රාජ්‍ය සේවකයාගේ වැටුප ගැන මහ තරහකින් කතා කරන ගොඩ දෙනෙක් රාජ්‍ය සේවයට එන්න බැරුව ලතවෙන අය. අපේ පඩිය ගැන අපි බලාගන්නම්. ඔය වැඩේ නිසා තියන වැටුපත් අඩුවෙලා අතට එන ගාන. රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන ගොඩක් අය වැස්සකටවත් රාජ්‍ය ආයතනයකට එන්නේ නැති අය. අපි පැය 08 වැඩ කරලා අපි පඩි ගන්නම්. ඔය මේකේ රාජ්‍ය සේවයට බැන බැන දාර්ශනික කතා කියන ගොඩක් අය තමන් කරන රස්සාව ගැන හිතලා බලන්න රටට ණය නොවි වැඩ කරන්න. අපේ ප්‍රශ්න අපි බලාගන්නම්. කරුණාකරලා සමස්ත රාජ්‍ය සේවයට බැන බැන ඉන්න එපා පුරුද්දට වගේ. වැඩක් නොකර පඩි ගන්න අය ඇති. එත් හැම මනුස්සයටම බනින්න එපා. රාජ්‍ය අංශය අකාර්යක්ෂමයි කියලා පුද්ගලික අංශයට එවා විකුණලා රටට කරපු විනාසේ පැල්වෙහෙරට ගිහින් සි.අයි.සී. ගොවිපලේ හදන වස විස බලන්න. එතකොට බැනුම් අහගෙන උනත් රාජ්‍ය සේවය රටට වගකිමෙන් වැඩක් කරනව කියන එක තෙරේයි. රාජ්‍ය සේවයේ කොන්ද කඩන්න එපා නොදන්න දේවල් කියලා බැනලා. එකෙන් වෙන්නේ පුද්ගලික අංශය පොදු දේවල් සල්ලි දිලා අතට අරන් රටෙම තියන සම්පත් විනාශ කරනව අධික ලාභ වෙනුවෙන්. ඕනම දෙයක් කරයි ලාභය වෙනුවෙන්. සෞඛ්‍ය සේවය, ගුරු සේවය පුද්ගලික අංශයට දිලා බලන්න එහෙනම්.
ඔය අමුතුවෙන්ම වැඩිවන වැටුපක් නෙවෙයි... 2015 වැඩි කළ වැටුපම තමයි... මූලික වැටුප 10000කින් වැඩි කරන බව 2015දී කිවුවත් ඒ මූලික වැටුප රාජ්‍ය සේවකයෙකුට ලැබෙන්නේ 2020 වසරේ. වසරින් වසර 2500 බැගින්.. ඒ කෙසේ වෙතත් රාජ්‍ය සේවකයාගේ මාසික වැටුපේ වෙනසක් වෙන්නේ නෑ... කලින් දීමනාවක් ලෙස ලබා දුන් 10000 මූලික වැටුපට එකතු වෙන එක විතරයි වෙන්නේ. මූලික වැටුප වැඩි වීම සතුටු දායක වුවත් මාසිකව රාජ්‍ය සේවකයෙකුට ලැබෙන වැටුප අඩුවෙනවා..
මේක රජයට කරන්න අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්. ඉස්සෙල්ලම ණය ගෙවලා, පස්සේ පඩි වැඩි කරන්න. තවත් අපිව ණයකාරයෝ නොකර...
කව්රු කළත් හොඳ දේ නරක නැත... රජයේ මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවිය යුතු අතර විශ්‍රාමිකයා ගැනත් සොයාබලා සහනයක් ඉක්මණින් දිය යුතුය...
රජයේ සේවකයෝම විතරක්ද අපේ රටේ ඉන්නේ? පුද්ගලික ආයතනවල වැඩ කරන අය ගැන මොකද? ඡන්දයක් කිට්ටුවෙනකොට වලිග ගිලගත්ත හනුමලා වගේ කරන්නේ, මොනවද කියන්නේ, මොනවද කියලා දන්නේ නැහැ. බඩ ගෙඩි ටික ඉස්සරහට නෙරවාගෙන පාර්ලිමේන්තුවේ කිරාවැටිලා මේ අය හීනෙන් බයවෙලා. එකෙකුටවත් මොලයක් නැද්ද ඔය රජයේ සේවකයෝ හැර ඉතුරු ටික කන්නේ බොන්නේ කොහොමද කියලා හිතන්න. රජයේ සේවක පඩියට සමානුපාතිකව බදු මිල වැඩිවෙනකොට කී දෙනෙක් හිඟමනට වැටෙනවද?
ජාතික යොවුන් සේනාංකේ මේ කලින් වැඩිකළ 2500 හෝ දැන් වැඩිවෙන 5000 හෝ වැඩි නොවීමට හේතුව කුමක්ද?
අපිට 30000/= වැටුප් ...2500ය වැඩිවෙලා මොනා කරන්නද