ටෝනි කරුණානායක
චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය.
අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස් අණ නොතකා ධාවනය කීරිම යන චෝදනා වලට දඬ මුදල නියම කර තිබේ. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම දඬ මුදලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර අධිකරණයට ඔය මොලේ පැදේවා. යන්න හරිම අමාරුයි.
ඉතා හොඳයි.
138 සියලුම පෞද්ගලික බස්රථ වලටත් මෙම දඩය සහ කොන්දොස්තරගෙන් වන හිරිහැරයට වෙනම දඩයක් ගහන්න බැරි වෙයිද?
පොලිසියට තුති මල් මිටක්. මෙවැනි මෝටර් වාහන කිරිදිවෙල ප්‍රදේශයේත් තියෙනවා. අල්ලලා නඩු දාන්න. විශේෂයෙන් වේරහැර , පල්ලේගම ගම්මානවල.
තම සල්ලි වලින් වියදම් කරලා ලස්සන කර ගත්ත බයිසිකලයට දඩය 65,000/= වත්කම් නොපෙන්වූ අයට දඩය 1000/= මරු