
(දයාසීලි ලියනගේ)
පිටකොටුවේ තිබූ මැනිං වෙළෙඳපොල පෑලියගොඩට ගෙන ඒමෙන් පසු අලුතෙන් කඩකාමර බාරදීම සම්බන්ධයෙන් ආරවුල් 60 ක් පමණ ඇතිවී තිබේ. මෙම ආරවුල් විසඳීමට කමිටුවක් පත්කර ඇතැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පැවසීය.
මැනිං වෙළෙඳපොලේ කඩ හිමියන් සහ ඔවුන්ට අයත් කඩ කාමර වල ව්‍යාපාර පවත්වාගෙන ගිය අය අතර යම් යම් ආරවුල්කාරී තත්ත්වයක් පවතින බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
මේ අතර දැනගන්නට ඇති පරිදි මැනිං වෙළෙඳපොළේ කඩ කාමර වලට හිමිකම් නොමැති බාහිර පිරිසකටද පෑළියගොඩ නව වෙළෙඳපොලේ කඩ කාමර ලබා දී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වසර 15 ක - 20 ක කාලයක් මැනිං වෙළෙඳපොළේ වෙළෙඳාම් කළ පිරිසකට කඩ කාමර අහිමි වී ඇතැයිද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd