(අජන්ත කුමාර අගලකඩ)
මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනයවීම පිළිබඳ විමර්ශනය කිරිමට මීට පෙර පත් කර තිබූ ශ්‍රී ලාංකික විමර්ශන කොමිසමේ වාර්තා සමාලෝචනය කිරීමට සහ ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර නව රජයේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ
ඒ සඳහා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ජිනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති 30/1 යෝජනාවේ සඳහන් යෝජනා දෙකකින් ඉවත්වීමට ගෙන ඇති තීරණය කැබිනට් මණ්ඩලය අනුමැතිව සඳහා පසුගිය බදාදා ඉදිරිපත් කළ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙම නව යෝජනාවද ඒ සමඟම ඉදිරිපත් කර තිබිණි.
ජිනිවා යෝජනාවලින් ඉවත්වූවද තිරසාර සාමය ළඟා කර ගැනීමට රජය තුළ ඇති කැපවීම පෙන්වීමේ පියවරක් ලෙස මෙම නව කොමිසම පත්කිරීමට යෝජනා කර ඇත.
COMMENTS
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් විදුලි පුටුව
සිද්ධිය විමර්ශනය කරන්න එක කොමිසමයි, කොමිසමේ වාර්තාව සමාලෝචනය කරන්න තවත් කොමිසමකුයි, ඒ කොමිසමේ වාර්තාව ගැන හොයා බලන්න තව කොමිසමකුයි, ඊට පස්සේ ආයෙමත්...!!! අනේ මන්දා...
ඒකත් අරක වගේම සුදු අලියෙක් වෙයි. මිනිස්සු රවට්ටනවා විතරයි. කොමිසම මොනාද කරේ. පිස්සු විකාර. මහජන මුදල් නාස්තියක් විතරයි වෙන්නේ.