
(ඩයනා උදයංගනී)
දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වාම දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පැයට කිලෝමීටර 100 වඩා වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි පරිදි ඉදිකිරීමට නියමිත මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනය හා ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මෙම වසර තුළ අවසන් කෙරෙන බව කී අමාත්‍යවරයා එහි ඉදිරිකිරීම් ලබන වසර මුලදී ආරම්භ කරන බව ද කීවේය.
මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය 2023 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් යොදාගත හැකි බව කී ඇමතිවරයා එමගින් මාර්ග තදබදය අඩුකර ගැනීමත් අපේක්ෂා කරන අතර, රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට අවස්ථාව ලැබෙන බවද පැවසීය.
එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී හැකිතාක් දුරට දේශීය ඉංජිනේරුවරුන් හා තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර ඉඳන් හම්බන්තොටට සෑහෙන මාර්ග තදබදයක් ඇති නේද?
සත්‍ය වශයෙන්ම ප්‍රශංසා කළ යුතු ඉතාමත් අගනා ක්‍රියාවක්. මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය නිසා බස්වල තැලී පොඩිවී මිරිකී ගිය මඟී ජනතාව කිසියම් අභිමානයක් ඇතිව දුම්රිය දුම්රියෙහි ගමන් කරනවා පෙනේ. එය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමෙන් කතරගම දක්වා යනඑන මගී ජනතාවට සැලසෙනුයේ ඉමහත් සේවයකි.
එහෙම වුණොත් ඔය වැඩකට නැති ‘‘සුදුඅලියා..‘‘ හෙවත් මත්තල ගුවන් තොටුපළ වහලා දමන්න හැකිවේවි...!!! චීන්නු රොත්ත පිටින් සල්ලි මලු අරන් රේල්පාර හදන්න ගිනිපොලියට ණය දෙන්න ඒවි.
ඡන්ද කටේ ඔන්න තවත් ලොකු ලස්සන කැරට් අලයක්... 5වැනිදාට හම්බන්තොට පැත්තේ උදවිය බාගන්න එකයි ඇත්තේ...
කොහොමත් මේක හම්බන්තොට නොවෙයි කතරගම දක්වා හදන්න සැලසුම් හදල නේද තිබුනේ...? දැන් මේ මොනවද කියන්නේ..?
හම්බන්තොට ජනතාවට පානීය ජලය නැත, ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා හොඳ වටිනාකමක් ලබා ගත හැකි ක්‍රමයක් නැත, තවමත් පවුල් පලතුරු විකිණීමට උත්සාහ කරයි
හම්බන්තොට අලි ගම්වැදිලා ගෙවල් කඩන නිසා ඡන්දෙ දීපු බයියන්ට කෝච්චියේ නැගලා පවුල් පිටින් කොළඹ ඇවිත් පිටකොටුවේ හිඟමනේ යන්න පුඵුවන්...
ඇත්තටම ගොඩක් සතුටක් ඇති වෙනවා.. මමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරපු කෙනෙක්.. දැනට වෙන රටක සිටින්නේ ඒ වුණත්...
ඔය කියන තරම් තදබදයක් බෙලිඅත්ත සිට මහ්බන්තොට දක්වා මාර්ගවල නැත. ඔය කරන්න හදන්නේ ගිනි පොලියට චීනෙන් ණයක් අරගෙන ලොකු කොමිස් කුට්ටියක් කඩාගන්න.
වැඩේ නම් නරක නැහැ. හොඳ කොමිස් කුට්ටියකුත් ලැබෙයි. ඒ කාලේ චීනාට ණය වෙලා ගහපු ගැහිලි වලින් රටේ කොයිතරම් පාරවල් හදන්න තිබුණාද?