(රංජන් කස්තුරි)
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට තිබීම මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවද ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත නොහැකි යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයාගේ දැනුම්දුන් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජනපතිතුමනි, සැබෑ රාජ්‍ය සේවකයෙකුගේ සේවය තව දුරට රටට අවාසි මොහොතක්... හොඳ තීරණයක්...!!!
අනේ ඔන්න ඔය තව ටිකක් ඉන්න
භාරගන්න තිබුනේ. එයා මාධ්‍යට වීරයා වෙනවා විතරයි. හරි බලය තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ජනරාල්ට. අපේ මිනිස්සු තවමත් දන්නේ නැහෑ
අපේ මැකෝ.. අපිට ඕනැ.
බොහොම හොද තීරණයක් ජනපතිතුමාණෙනි. දේශප්‍රිය මහතාට තියෙන දක්ෂතාවය නිපුනතාවය ඒ මණ්ඩලයේ වෙන කිසිවෙකුටවත් නැත.
ඉතාමත් හොඳ ඒවාගේම බුද්ධිමත් තීරණයක් ජනාධිපතිතුමනි. වත්මන් මැකෝතුමාට තව දුරටත් කරන ලද ඒ විශිෂ්ට සේවය කරගෙන යාමේ හොඳ ජවයක් ඇත. එතුමාගේ හදවත කියවෙන සීදේවි නිරහංකාර සිනහව අපට තවදුරටත් දැකගත හැකි වේවි.
සේවය තව දුරටත් ලබාගැනීමට ජනාධිපති ගත්ත තීරණය ඉතාම හොඳ තීරණයක්. නමුත් ඔහුට අවශ්‍ය පහසුකම් අනිවාර්යෙන් ලබාදීම වහාම කල යුතු දෙයක්. එසේම ඔහුගේ මානසික සුවය ගැන රජය සලකා බැලිය යුතුයි.
ගොඩක් අය තාම දන්නේ නැහැ මැකෝ ආවේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් හැදුනු මැතිවරණ කොමිසමින් කියලා. 19 අහෝසි කලොත් මැකෝ නිකන් ම ගෙදර.
මේ දේශප්‍රිය ඇත්තටම රටට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මෙයාගෙන් වැඩ ගනිමු. ඒ වගේම එයාට වැඩි විවේකයකුත් දෙමු. මේ වගේ අය තව කීපදෙනෙක් හදන්න කියමු. ඔබගේ සේවය ලක් ජනතාව අගය කරනවා.
මේ මැකෝ නෙමේ වෙන මැකෝ කෙනෙක් ආවත් ස්වාධීන මැතිවරණ කොමිසම නිසා භය නැතිව ඔලුව කෙලින් තියාන වැඩ කරන්න පුළුවන්. 19 වෙනි සංසෝදනය අයින් කලොත් මොන ජගතා ආවත් නිකම් රූකඩයක් විතරයි. යහපාලනයේ අගය කල යුතු දෙයක්.
අව්‍යාජ සිනහව කෙලින් ගන්න තීරණවලට මම කැමතියි. මැකෝට නිදුක් නිරෝගී සුව.
ඔයා ඉන්න ඉන්න ඉන්න ඉන්න.
ස්වාධීන මැතිවරණ කොමිසමට පින්සිද්ද වෙන්ඩ වැඩ කරන්ඩ පුලුවන් උනා. නැත්නම් ආතතිය, සහ කොම්පියුටර් ජිල්මාට් ගැන තමා අහන්ඩ වෙන්නේ.
මේ රට අගාදයට ඇද දැමීමට මේ රට පාලනය කරපු පාලකයෝ විතරක් නෙවෙයි, රජයේ නිලධාරීන්ද වග කිව යුතුයි. රජයේ සේවය කියන්නේ කුණු වූ මල කඳක්. ඒ තරම පිළිකුල්, ජුගුප්සජනකයි. එවැනි නිලධාරීන් අතරේ ජනතාවාදී නිලධාරී මොඩලයක් නිර්මාණය කල මහින්ද දේශප්‍රිය මහතා රටට ආදර්ශයක්.