
(ඩයනා උදයංගනී)
මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (13) සිය ධූරයේ වැඩ භාරගත්තේය. අමාත්‍යවරයා අමාත්‍යාංශයේ දී වැඩ භාරනොගෙන කුරුණෑගල, වජිරඥාන මාවතේ මාර්ගය කාපට් කිරීම ආරම්භ කරමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීම විශේෂත්වයක් විය.
මීගමුව පාර හරහා යන උමං මාර්ගයට මුල්ගල තැබීම, ජොන්ස්ටන් අමාත්‍යවරයා විසින් වැඩ ආරම්භ කළ මලියදේව විද්‍යාලයේ පැසි පන්දු පිටිය නිරීක්‍ෂණය කිරීම හා එම විද්‍යාල භූමියේ සඳුන් පැළයක් සිටුවීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.
ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් කුරුණෑගල, වජිරඥාන මාවත කාපට් කිරීම සඳහා පාසල් සිසුවකු ලවා මුල්ගල් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ද මෙහි සිටී.


COMMENTS
බෝක්කුවක් බෝක්කුවක් ගානෙ කසිප්පු පෙරයි දැන් එහෙනම්...!!!
එක රටක්, එක නීතියක් අකුරටම. 69 ලක්ෂයක් ජනතාවගේ පැතුම් මහපාරේ විකසිත වන වගයි. නගරාධිපති, බුවනෙක කතා ඉවරයි.. නඩු කැලේ.. නීතිය නැවේ.
ජොනී බරටම වැඩ පටන් අරන්... නගරාධිපති සමග කොහොමද 2/3 දුන්නු අයට සනීපද?
එයාගේ නම දාලා තඩි බෝඩ් ගහනවා... මහජන මුදල්.
රාජ සභා, මගුල් මඩු, හෝටල් පමණක් නොවේ, පල්ලි, පන්සල්, දේවාල, කෝවිල් ඩෝසර් කරලා හෝ අපට යන්න මහා මාර්ග හදලා දෙන්න ඇමති තුමෙනි. ඇත්තම කියනවා නම්, ඔය ඓතිහාසික නටබුන් යයි කියන බොහෝ තැන්වල සිදුවෙන්නේ දුරාචාර තමයි. ඔබ තුමා වැනි මේ රටට විශාල සේවයක් ඉටුකළ ඇමතිවරයෙකුට කෘතගුණ සැලකීමක් ලෙස, මෙවන් ජන වරමක් ලබාදුන් කුරුනෑගල දිස්ත්‍රක්කයේ බුද්ධිමත් ජනතාවට මාගේ උපහාරය!!!
රජයේ අරමුදල් නිරපරාදේ වියදම් කරන බැවින් කරුණාකර අනවශ්‍ය විවෘත කිරීමේ උත්සව නවත්වන්න.
මෙයාලා පළමු දවසේ ඉඳන්ම නියම සංදර්ශන පවත්වන බව පැහැදිලිවම පේනවා. මුඛ ආවරණවල හිඟයක් කුරුණෑගල පැත්තේ තියෙනවා... ජොනී මල්ලියේ...?
අනේ මේ බොරු සෝබන, ගහන්න පුලුවන් කොහෙන්ද කියලා බලයි වැඩ පටන් ගත්ත ගමන්.
හයිවේ මංකොල්ලය ආරම්භ කිරීම.
මහා පාරේ මගදිගට වැලි දූවිලි.හොදටම තියනපාරේ එකපාරටම් අලි නාන වලවල්.යකෝ මෝටර් සයිකල් කාරයෙක් වැටුනොත් එක්කො අබ්බගාතයෙක් නැත්තන් එතනම onthespot.ආදයම් බදුගෙවලා වහානයක් පාරටදාලා මගදී වලකට වැටිලා මැරුනොත් අමාත්‍යාංශයෙන් ගෙවන්නේ නෑ උගේ අවසන් කටයුත්වලටවත් onthespot. 3d party නම් පෙට්ටියටත් සල්ලි නෑ. වලට වැටී නොයා ඉරකැපුවොත් ඒවගේ තැනවල ඉදගෙන දඩකොල වෙනම දෙන පොලිසියේ උන්.රත්වාහන උසාවියේ සල්ලි වියදම් වෙන්නේ කොහෙටද කියලා හිතාගන්නවත් බෑ.jonston තොපි සැපේ සුපිරිවෑහනවල යනවා.පීත්තපට් කපනවා ඒකරන්න තොපි එද්දී උබලා එනපාරවල් වල විතරක් පැච්වහන්න වෙනම උන් ඉන්නවා.බබ්බුවගේ පටියකපලා අපේසල්ලි තව කීයකටහරි කෙලෝලා නොදන්නගානටමාරුවෙනවා construction company වලට පිනට උබලා පිනට කහින්නැතිවවත් අපි හොදට දන්නවා.පැන්ශන් එකක් ගන්නත් සුදුසු නෑ jonston උබලා වගේ නිලදාරින්.ඒකනිසා උබ ඕකෙන් අයින්වෙවෙලාඕකදීපං ලමයෙකුට.