(ජයන්ත සමරකෝන්)
කොළඹ හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් වසර 5 ක් තිස්සේ නගර සභාවට භාරනොදී රැඳී සිටි නිල නිවස අද (12) නිල වශයෙන් භාරදුන් බව එහි නාගරික ලේකම් ඩි.එම්.එස්.ඒ නිරෝෂන් මහතා පැවසීය.
අදාල භාණ්ඩ සමීක්ෂණය කිරීමෙන් පසු කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකයේ පිහිටි එම නිල නිවාස භාරගත් බවද ඒ මහතා කීය.
2015 වසරේදී සිය තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු මෙම නිල නිවස භාරදෙන ලෙසට අවස්ථා ගණනාවකදීම ඇයට දැනුම් දුන් බවද පසුව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාට පවා දැනුම් දීමට සිදුවූ බවද කොළඹ නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක මහත්මිය පැවසුවාය.
පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාද වහාම මෙම නිල නිවස භාරදෙන ලෙසට ජයවර්ධන මහත්මියට දැනුම්දී තිබුණු බවද ඇය කීවාය.
COMMENTS
කොච්චර ආඩම්බරයිද..? හත්මුතු පරම්පරාවේම නම තියපු වීරෝදාර කාන්තාවක්. පත්තරෙත් දාන්න තරම් හපන්කමක්නෙ කරලා තියෙන්නේ...
මේවා තමයි විහිළු... අවුරුදු 5ක් මහජනතාවගේ මුදල්වලින් යැපෙන්න බලෙන් පුළුවන්ද?
නිල නිවාසය බාරනොදී හිටපු කාලයට කුලී අයකර ගත යුතුයි. නැතිනම් රජයේ දේපළ අවභාවිතාවට නඩුදාලා හිරේ යැවිය යුතුයි..
අවුරුදු 5ක් බලෙන්ද හිටියේ? එසේනම් නීතිය ක්‍රියාත්මක කර ඒ කාලය සඳහා වූ ගෙවල් කුලිය මේ තැනැත්තියගෙන් අයකර ගැනීමට නඩු දමන්න.
කෙටියෙන් කියනවානම් නිලකාලය අවසන්වී අවුරුදු 5ක් යනකම් බලෙන් තියාගෙන හිටපු රජයට අයත් භාණ්ඩයක්... එහෙම කරන්න මෙයාට තියෙන "පවර්ස්" මොනවද? නාගරික කොමසාරිස්වරයෙක් තමන්ගේ කාලය අවසන් වුණු වහාම රජයෙන් එයාට සපයාතිබූ පහසුකම් නැවත තිබු ලෙසම රජයට බාරදිය යුතුවේ. " වැදගත්කම ලෙස හඳුන්වන්නේ එයයි...!!! නමුත් මේ තැනැත්තිය උද්දච්ච ලෙස හැසිරී ඇති බව පෙනේ. පරිපාලන නිලධාරිනියක් ලෙස මෙතුමිය එය නොදන්නවා නොවේ. එවැනි අවස්ථාවක "මහාභාරකාර වරයා"ගේ කාර්යය කුමක්ද..? බොහෝ දියුණු රටවල නම්.. තම කාලය අවසන් වූ වහාම තමන්ට සපයාතිබූ නිශ්චල සහ චංචල පහසුකම් වහාම මහාභාරකාරවරයාට බාරදී වැදගත් විදිහට පිටවී යනවා. මම දන්නා හැටියට අපේ රටේත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයේම ක්‍රියාපටිපාටියක්... මෙතන චෝදනා කළයුත්තේ මහා භාරකාරවරයාටයි. මහාභාරකාරවරයා යනු පුහු දේශපාලන පත්වීමක් නොව ඔහු ස්වාධීන පුද්ගලයෙක්...
ලජ්ජා නැති උනාම මොනවද කරන්න බැරි. පුදුමයි අවුරුදු 5 කින් ගියා.
කෝ මේවට දඬුවම්.
භද්‍රානි ජයවර්ධන මැතිනිය පාර්ලිමේන්තු යවමු. අඩු ගානේ ජාතික ලැයිස්තුවෙන් වත් යවමු. සියලු සුදුසුකම් සපුරලා ඉන්න පාටක් පේනවා.
දඩ කුළිය ගෙව්වාද කියන එකත් ඒ හා සමානවම රටට වැදගත්.
සිරාට කෝටි 800 නිලනිවස ගන්න හොඳ නම් බද්‍රානි ඔය පුංචි බංගලාව ගත්තාම මොකද?