IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටු මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක්

(ඩයනා උදයංගනී)

පාදුක්ක සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

එම සංවර්ධක කමිටු රැස්වීම පැවති අවස්ථාවේ දී එහි සභාපති ජගත් කුමාර මහතා සහ සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිව තිබෙන අතර ඒ හේතුවෙන් සභාපතිවරයා සංවර්ධන කමිටු රැස්වීම අතරමඟ නවතා ඉන් පිටව යද්දී ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම මන්ත‍්‍රී ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවති අතර සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාපතිවරයා මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව ඒකාධිපති ගමනක් යන බවට එහිදී චෝදනා කර ඇත.

එහිදී මන්ත්‍රී ජගත් කුමාර මහතා ‘මට ඕනෑ හැටියට තමා කරන්නේ’යනුවෙන් පැවසීම නිසා සභාවේ බහින් බස්වීමක් සිදුව ඇත.

පසුව සභාපතිවරයා කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඉන් පිටව ගොස් තිබේ.

සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇති අතර රථයට මෙම බිත්තර ප්‍රහාරය ද එල්ල කර ඇත.

 



අදහස් (2)

පොහොට්ටු මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක්

Kasun Thursday, 08 April 2021 02:26 AM

පාදුක්ක කවදාවත් දියුණු වුණු නගරයක් නොවේ. ප්‍රධානතම හේතුව මේ මිනිස්සු තමයි

:       3       9

Kule Thursday, 08 April 2021 09:38 AM

පාදුක්ක ප්‍රාදේශීය කාර්යාලය කුකුල් කොටුවක් කියලා දැනගත්තේ අදයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site