(ප්‍රසන්න පත්මසිරි)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා බාරදීම අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නිමල් සිරිපාල ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහත්වරු එක්ව සිටියහ.
බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී දමයන්ති පරණගම මහත්මිය වෙත නාම යෝජනා පත්‍රය බාරදීම සිදුවිය.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 9 දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර එක් කණ්ඩායමකින් අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කරනු ලබයි.

එජාපය බදුල්ලට නාම යෝජනා බාර දෙයි
( ප්‍රසන්න පත්මසිරි)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම නාම යෝජනා භාර දීම අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
එක්සත් ජාතික පක්ෂ කණ්ඩාමේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඌව පළාත් සභාවේ හිටපු ඇමති උපාලි සමරවීර මහතා හා හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර ඇතුළු කණ්ඩායම බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරී දමයන්ති පරණගම මහත්මිය වෙත නාමයෝජනා පත්‍රය භාරදීම සිදු කෙරිණ.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 09 දෙනෙකු තොරා ගැනිමට නියමිත අතර එක් කණ්ඩායමකින් අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කරනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියත පරාජයක් වෙනුවෙන් එජාප නාම යෝජනා දීලා... සජිත් 95%ක් ගනිද්දී එජාපයට 5%ක් ගන්න බැහැ.
ඉල්ලන්න අපේක්ෂකයෝත් නෑ.. අන්ත පරාදයි. ජවිපෙටත් පහළට වැටෙනවා.
මේ කවුද මම මේ ගොල්ලන් රූපවාහිනියෙන්වත් දැකල නැහැ ,