IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පොලිස්පති කල්මරමින් සිටි තීන්දු ක්‍රියාත්මක කරයි

තරිඳු ජයවර්ධන

පොලිස්පති විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින ලදැයි කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළ  තීන්දු තීරණ 10න් නවයක්ම අද (21) වන විට පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

පොලිස්පතිවරයා තීන්දු ක්‍රියාත්මක නොකිරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාව   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම සදහා දින 14ක කාලයක් ලබා දුන්නේය. එම දින 14ක කාලය අද (21) දිනයෙන් අවසන් විය.

දින 14ක කාලය තුල ක්‍රියාත්මක කරන ලද තීන්දු ගැන සාකච්ඡා කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමට   පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවා තිබිණි.

තීන්දු  දහයෙන් නවයක් පොලිස්පතිවරයා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ක්‍රියාවට නංවා තිබුණු බවත්, එක් තීන්දුවක් ක්‍රියාත්මක කර නොතිබුණු බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

එලෙස ක්‍රියාවට නැංවීම පැහැර හැර තිබුනේ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමේ තීරණයයි.   

 පොලිස් නිලධාරීන් හා සහායක සේවා නිලධාරීන් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටි 105ක් පොලිස් කොමිසම අනුමත කර පොලිස්පතිවරයාට යවා තිබුණු අතර   පොලිස්පතිවරයා එය ක්‍රියාවට නැංවීම පැහැර හැරීමෙන් කණිෂ්ට පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීමට තිබෙන අවස්ථා මග හැරී ඇතැයි පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කර තිබිණි. එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බව කොමිසම පවසයි.

ඊට අමතරව යුද්ධයේදී අබාධිත වූ පොලිස් නිලධාරීන්ට සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීරණය ක්‍රියාවට නංවන ලෙස ද, දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනකුට උසස්වීම් ලබා දෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම දැනුම් දී තිබිණි. පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට ඊයේ (20) සහභාගී වීමට පෙර දේශපාලන පලිගැනීමට ලක්වූ නිලධාරීන්ගේ ලැයිස්තුවේ 50 දෙනකුට අදාළ උසස්වීම් නියෝග ලබා දී තිබුණු බව කොමිසම කියයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව ගන්නා ලද තීරණ 10ක් පොලිස්පතිවරයා ක්‍රියාත්මක කර නැතැයි කියමින් එම කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළේ අගෝස්තු 29 වැනි දා ය.  ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවනු ලැබුවේ පසුගිය 07 වැනි දාය.



අදහස් (6)

පොලිස්පති කල්මරමින් සිටි තීන්දු ක්‍රියාත්මක කරයි

Rizna Saturday, 22 September 2018 03:15 AM

කොමිසම පොලිස්පතිවරයා සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. පොලිස්පතිවරයාගේ නිර්දේශද සැලකිල්ලට ගෙන තීරණ ගත යුතුය. තීරණ හැරෙන තැපෑලෙන් මාධ්‍යයට මුදාහැරීමෙන් දේශපාලන අවශ්‍යතාවලට ඉඩ නොතැබිය යුතුය. පොලිසියේ වැඩ අවුල් කරනා කොමිසමට සමබර අය පහකිරීමට කාලය පැමිණ තිබේ.

:       321       25

HafeelSaturday, 22 September 2018 01:51 PM

පොලීසිය බාර ඇමතිගෙන් පොලිස්පතිට දුරකථන ඇමතුමක් ආවොත්, යස් සර්, ප්‍රොමිස් සර් කියලා කිවයුතුයි.

:       1       22

කුමාරSaturday, 22 September 2018 04:23 PM

ඔබ ඒ ප්‍රකාශය යහපත් සිහි කල්පනාවෙන් ද කළේ පොලිස් කොමිෂන් සභාවේ හත් දෙනෙක් සාකච්ඡා කරලා ගන්න තීරණ ප්‍රජාතන්ත්‍රවාදී යි. පොලිස්පතිවරයා කළ යුත්තේ එකී තීරණ වලට ගරු කිරීම .

:       0       1

Rizna Sunday, 23 September 2018 08:00 AM

පොලිස්පතිවරයාගේ නිර්දේශද ගැඹුරින් සලකා බලා කොමිසම තීරණ ගන්නවා නම් එය යහපත් සහ සාධාරණයි. මොකද පොලිසිය ඇතුලේ විනය පවත්වා ගැනීමට පොලිස්පතිවරයාට එය පිටුවහලක් වනනිසා. පොලිස්පතිවරයා මේවා බ්ලොක් කරනවා කියා මාධ්‍යයට එවෙලේම කීම නිසා පොලිස්පතිවරයා අපහසු තත්වයකට පත් කරනවා පමණක් නොව තම ආයතනය පාලනය කර ගැනීමටත් අමාරු වෙනවා. ප්‍රශ්න පොලිස්පතිවරයා සහ කොමිසම සහයෝගයෙන් විසඳා ගත යුතුයි. හැමතිස්සෙම පිටට දෙන්නේ කොමිසම. එයින් කන්ෆ්ලික්ට් එකක් නිර්මාණය වෙනවා. එමනිසා 7දෙනාගේ අපක්ෂපාතීත්වය ගැන ප්‍රශ්නයක් තියනවා.

:       1       0

Rohan Sunday, 23 September 2018 10:01 AM

කොමිසම පොලිස්පති සමග කටයුතු නොකර මාධ්‍ය සමඟ කටයුතු කිරීම රටට, සාමයට, ජාත්‍යන්තරයට අපි පෙන්නන්නේ ඉතා නරක චිත්‍රයක්... මෙය කාගේ වුවමනාවක්ද..?

:       0       0

kamal Sunday, 23 September 2018 10:04 AM

කොමිසම පසුපස විශේෂ බලවේග ඉන්නවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 313 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 841 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1265 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site