ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඔක්තෝබර් 14 වැනිදා සිට පසුගිය 04 වැනිදා දක්වා කාලයේදී වියදම ලෙස ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 1,257 ක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
මුද්‍රිත ,විද්‍යුත් මාධ්‍ය හරහා කළ ප්‍රචාරණ කටයුතු සහ වෙනත් ප්‍රචාරණ කටයුතු සඳහා මෙලෙස වියදම් වී ඇතැයි ගණනය කර ඇත.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ වාර්තාවේ තොරතුරු පහත දැක්වේ.
| පක්ෂය | මුද්‍රිත මාධ්‍ය | විද්‍යුත් මාධ්‍ය |
වෙනත් වියදම් (රැලි ප්‍රවර්ධන ආදීය) |
ඇස්මේන්තුගත වියදම(මිලියන) |
|---|---|---|---|---|
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 53 | 603 | 94 | 750 |
| නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 104 | 253 | 113 | 470 |
| ජාතික ජන බලවේගය | 1 | 17 | 13 | 31 |
|
ජනසෙත පෙරමුණ |
0 | 4 | 0 | 4 |
| ජාතික ජනතා ව්‍යාපාරය | 2 | 0 | 0 | 2 |
| එකතුව 1,257 | ||||
COMMENTS
මේක බබාලන්තේ ගණන් හැදිල්ලක්නේ....
මෙහෙම වියදම් කරන්න මුදල්? වියදම් කළ මුදල් ආපසු ලබාගන්නා ක්‍රමවේදය... අරමුදල් ලැබුණු හැටි... අනුග්‍රාහකයෝ කවුරුන්ද? ඔවුන්ට අරමුදල් ලැබුණු ආකාරය? නැතිනම් නිකම් කහනවාට තියන මුදල් ආයෝජනයක්ද? මෙන්න දූෂණය පටන්ගන්න තැන. ඉතින් කොහොමද මේ රටේ දූෂණය හා නාස්තිය වළක්වනවා කියලා දෙන පොරොන්දු ඉටුකරන්නේ? බලය ලැබුණු ගමන්ම දූෂණය පටන් ගන්නවා වියදම ආපහු උපයාගන්න. ඊළඟ පාරත් ඔය චක්කරේම තමයි.
මෙච්චර සල්ලි කොහෙන්ද? සමාජ මාධ්‍ය හරහා කරන මඩ ප්‍රචාරණයට යන වියදම නැතිව තමයි මේ...
ආණ්ඩු පක්ෂේ අපේක්ෂකයාට වැඩිය විපක්ෂේ අපේක්ෂකයාගේ ගාන සෑහෙන වැඩියි. විපක්ෂයේ ඉඳලත් කොහෙන්ද ඔච්චර සල්ලියක්...?
ඒ වුණාට හැමතැනම තියෙන්නේ අනුරගේ පෝස්ටර් තමයි. ඔහු ජනාධිපති වෙයි කියලත් හිතෙනවා.
මේ වියදම් හොයාගෙන තවත් ගසාකන්න තමයි එන්නේ... රටට ආදරේ නම් මේ වියදම් දුප්පත් ජනතාවට දෙන්න තිබුණා.