
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ (20) රාත්‍රියේ සිට ආරම්භ වූ බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
ලක් විජය බලාගාරයේ දෙවන හා තුන්වන අදියරේ ජනන යන්ත්‍ර නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබූ බව කියයි.
එසේ නවතා තිබු දෙවන අදියරේ නඩත්තු කටයුතු අවසන් විමත් සමග ඊයේ (20) රාත්‍රියේ සිට නැවත ජාතික පද්ධතියට මෙගාවෝට් 300 ක් යලි ලබා දිමට කටයුතු කල බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
ඒ සමගම මේ වනවිට නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා ඇති 3වැනි අදියරේ ජනන යන්ත්‍රයේ නඩත්තු එළඹෙන සතියේ අවසන් වීමට නියමිතව ඇති බව කියයි.
මේ අනුව නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600ක් ලබාදීම ආරම්භව තිබේ.
කෙසේ නමුත් පවතින කොරෝනා තත්වය හමුවේ දැඩි සෞඛ්‍ය නීතිරීති අනුව ලක්විජය බලාගාරයට කාර්ය මණ්ඩලය පමණක් ඇතුල් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇති බව වාර්තාවෙයි.

2025 දෙසැම්බර් මස 18
254
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරෝච්චෝලෙන් යලි විදුලිය
Bamunuarachchi Sunday, 22 November 2020 12:50 AM
ඒ කාලේ රාජපක්ෂ ආණ්ඩුව මේවා නොකළා නම් අද අපි කළුවරේ. ජෙප්පොයි යහපාලක මැට්ටොයි අහනවා ණය ගත්තේ මොකටද කියලා..? ඔය අවුරුදු 10ක් ඇතුළත කරපු වැඩවලින් එකක්... යහපාලකයින් අවුරුදු 5ටම කරපු බම්බුවක් නැහැ...