(තරිදු ජයවර්ධන)
අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඒහා සම්බන්ධ තොරතුරු පනත යටතේ ලබා දීමේ බලය කැබිනට් ලේකම් කාර්යාලයෙන් ඉවත් කර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අමාත්‍යංශ වෙතම පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අමාත්‍ය මණ්ඩල තීරණ හා සබැඳි තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන් පුරවැසියන්ට ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් "වෙනත් කරුණු" යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන් පමණක් අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැකි බව එම කාර්යාලය කියයි.
මෙතෙක් කාලයක් අමාත්‍යංශවලින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඊට අදාල තීරණ තොරතුරු පනත යටතේ ලබාදීමේ බලය තිබුණේ කැබිනට් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතය. අලුත් තීරණය අනුව එම තීරණ සඳහා අදාළ අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් වෙත තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව කැබිනට් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තොරතුරු පනත යටතේ කැබිනට් පත්‍රිකා ලබාදීමේ බලය අමාත්‍යංශවලටම
ආරියපාල හේවගේ Thursday, 14 March 2019 02:02 PM
ආසියාවේ රටවල් අතරින් අන්තිමට වුණත් ශ්‍රී ලංකාවේ මෙම පනත සම්මත වීම රටේ පොදු ජනයාගේ වාසනාවකි. ප්‍රායෝගිකව මෙම පනත පාවිච්චි කිරීම ඉතාමත් දුර්වල මට්ටමක තමයි තිබෙන්නේ. මහජනතාව මෙම පනතින් ප්‍රයෝජන ගැනීමට නම් වැඩිවැඩියෙන් මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් තමන්ට අවශ්‍ය වන තොරතුරු ඉල්ලා සිටිය යුතුයි.