(බිඟුන් මේනක ගමගේ)
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම්වල පූර්ණ දත්ත ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයැදුම්පත් යොමුකිරීමේ වැඩපිළිවෙළක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් (සී.එම්.ඊ.වී) ආරම්භ කර ඇත.
දූෂණ සිදුවීම් සම්බන්ධ විමර්ශනවලදී ශක්තිමත් සාක්ෂි සහිතව නීතිමය පියවර ගැනීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කළේ යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද(9) පැවසීය.
ඒ අනුව රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධිවලට තොරතුරු දැනගැනීමේ අයැදුම්පත් 200ක් මධ්‍යම රජයේ හා පළාත් සභා අමාත්‍යාංශවලට යොමු කළේ යැයි ගජනායක මහතා කීය.
තොරතුරු දැනගැනීමේ අයැදුම්පත්වලට ප්‍රතිචාර දැක්වීමේදී මධ්‍යම රජයේ රේඛීය අමාත්‍යාංශවලට වඩා සුබවාදී ප්‍රතිචාරයක් පළාත් සභා අමාත්‍යාංශවලින් දැකිය හැකි යැයි කී හෙතෙම පළාත් සභා සම්බන්ධයෙන් එය යහපත් ප්‍රවණතාවයක් යැයි ද කීවේය.
පළාත් සභා අමාත්‍යාංශ තොරතුරු දැනගැනීමේ පනතේ නිශ්චිත කාල රාමුවෙහි පිළිතුරු දෙමින් කඩිනම් ප්‍රතිචාර දැක්වීමක් කර ඇතැයි ද එය පැසසිය යුතු කරුණක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.
රජයේ සේවකයන් දේශපාලන රැස්වීම්වලට සහභාගීවීම වළක්වාගත නොහැකි මට්ටමට පැමිණ ඇතැයි ද ඔවුන් මේවාට සහභාගී වන්නේ රාජකාරි නිවාඩු ලබාගෙනද නොගෙනද යන්න සනාථ කරගැනීමට යම් කලක් ගත වන බැවින් එවැනි සිදුවීම් ගැන ආයතන ප්‍රධානීන් කඩිනම් සොයා බැලීමක් කළ යුතු යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තොරතුරු පනතින් දූෂණ සොයන වැඩක්