IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


එක්දින පිලේ සුක්කානම කුසල් පෙරේරාට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පත්කර ඇති අතර කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ ආසන්තම නායකයා වන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්ට සංචිතයේ ස්ථානය අහිමිවී වඩාත් කැපී පෙනේ. හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද සංචිතයෙන් ඉවත් කර තිබේ.

බංග්ලාදේශයට එරෙහිව මේ මස 23 වැනිදා ආරම්භ වන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියට ශ්‍රී ලංකාව කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් පළමු තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, ලක්‍ෂාන් සඳකැන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ශිරාන් ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, අසිත ප‍්‍රනාන්දු සහ අකිල ධනංජය

 



අදහස් (4)

එක්දින පිලේ සුක්කානම කුසල් පෙරේරාට

fairoos Sunday, 09 May 2021 11:30 AM

සුබ පැතුම්

:       0       0

jayath Monday, 10 May 2021 02:42 AM

පුහුගියකාලේ ඒවා හදාගෙන ඇති බලමු

:       0       0

jayath Monday, 10 May 2021 02:55 AM

බලමු මේපාර මොකද වෙන්නේ කියලා

:       0       0

p.d goonawardena Monday, 10 May 2021 04:17 AM

දිගට හරහට ෆේල් වෙන කුසලයට උප නායක කම දීම ගැන නම් ඉතාම සන්තෝෂයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 150 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 308 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 598 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site